ආණ්ඩුව ෆේල්..! ආසාදිතයන් 46,000+…!මහ රෝහල්වල කොරෝනා පොකුරු අවදානමක් ..!

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 252 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 46,248 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

මේ අතර රටපුරා පිහිටි ප්‍රධාන රෝහල් ආශ‍්‍රිතව කොරෝනා පොකුරු නිර්මාණය වීමේ ඉහළ අවදානමක් මතුව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවන් තත්ත්වයක් ඇතිවුවහොත් රජය හා සෞඛ්‍ය බලධාරීන් එහි වගකීම භාරගත යුතු බව සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටී.

ඒ මහතා පෙන්වා දෙන්නේ කොළඹ ජාතික රෝහල, ගම්පහ රෝහල, මහනුවර රෝහල ඇතුළු රෝහල ගණනාවක් මෙම තත්වයන්ට මුහුණ දී ඇති බවයි.

බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු එකයි මාස හතරක පිරිමි දරැවෙකුට කෝවිඩි 19 වසංගත ආසාදනය විි ඇති බවට බදුල්ල මහ රෝහලේ දි සිදුකල ක්ණික ප්‍රතිදේශ පරික්ෂණයේදී (06) දා තහවුරු වි ඇතැයි බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

ඉකුත් 3 වැනිදා රාත්‍රියේ හල්දුම්මුල්ල ප්‍රදේශයේදී වැන් රථයක් පෙරලිමෙන් සිදු වු අනතුරකින් එම දරැවා ඇතුළු 14 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කෙරිණි. එම අනතුරින් මෙම දරැවාගේ හිසේ සහ පාදයේ ඇති වු බරපතළ තුවාල හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරැ කර ⁣යවා තිබුණි.

පසුව බදුල්ල මහා රෝහලේ දි සිදු කර ඇති කොරෝනා පරික්ෂණයේදී එම වයස අවුරැද්දයි මාස හතරේ දරැවාට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පැවැසුහ.

බලන්ගොඩ දෙහිගස්තලාව සහ ගොරක්ගහමඩ ප්‍රදේශවල පදිංචි එම දරැවාගේ මවගේ සහ පියාගේ පවුල්වල සාමාජිකයින් 10 දෙනෙකු (06) දා ස්වයං නිරෝධායනයට යෙමු කිරිමට කටයුතු කල බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පැවැසීය .

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *