එකා එකාව උස්සගෙන යන්න එපා..! මාව උස්සන්න.! සජිත් අරගලකරුවන්ට කියපු කතාව..!

ගොල්ෆේස් අරගලකරුවන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ අද (26) සාකච්ඡාවක් පවත්වා ඇත. ඒ එළඹෙන නොවැම්බර් මස 02 වන දා කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයසම්බන්ධයෙන් සාකච්ඡා කිරිමටයි.

මෙම සාකච්ඡාව සඳහා පසුගිය අරගල සමයේදී ජාතික රූපවාහිනයට කඩා වැදුණු ධානිෂ් අලී මෙන්ම, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු පාර්ශව ගණනාවක් එක්ව ඇත.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කිසිවෙකු සහභාගී වී නොමැත.

මෙහිදී පිරිස අමතමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්‌තේ උදෑසනට ආණ්ඩුවට බැනවැදී රාත්‍රියට ආණ්ඩුව සමඟ හාදකම් කරන පාර්ශවයන් අතට කිසිසේත් උද්ඝෝෂණයේ හෝ අරගලයේ නායකත්වය නොයාමට ප්‍රවේසම් වියයුතු බවයි. එමෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපති රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා ලෙස තමන් පළමුවෙන් සිදුකළ පැහැදිළි කිරීම මේ වන විට සනාථවී ඇති බවත් තමන්ගේ පාලනයක් තුළ අරගලයේ සියලු ඉල්ලීම් ලබාදීමට දිවිහිමියෙන් කැපවෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ වර්තමානයේ වැදගත්ම දේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ බලයක් බිහිකිරීම බවය.

ඒ සඳහා මෙන්ම නොවැම්බර් 02 උද්ඝෝෂණය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සෑම ආකාරයකම පහසුකමක් සැපයීමට තමන් සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉල්ලා ඇත්තේ මෙම වැඩසටහනේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ප්‍රධානත්වයක් නොදෙන ලෙසයි. කොළඹ වටලන වැඩේදි තමන්ගේ මූලිකත්වය ගත යුතු බව අවධාරණය කර ඇති සජිත් ප්‍රේමදාස මහතා එයට ප්‍රධාන බාධකය වන්නේ සරත් ෆොන්සේකා බවත්, මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා සරත් ෆොන්සේකා මහතා අතර ඇති හිතවත්කම මෙම වැඩසටහනේදී ඉදිරියට නොගන්නා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉල්ලා ඇත.

එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ධම්මික මුණසිංහ දෙසට හැරුණු විපක්ෂනායකවරයා ” කෝ ඔයාලගේ නායකතුමා අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා එක්ක විතරයිනේ ගනුදෙනු කරන්නේ, අපි එක්කත් සම්බන්ධ වෙන්න කියන්න” යනුවෙන් පවසා ඇති බවත් වාර්තා වෙයි 

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම කොළඹ වැටලීමේ ක්‍රියාවලිය සඳහා සජිත් ප්‍රේමදාස මහතා මුලිකත්වය ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සිය විරෝධය දක්වා ඇති බවයි. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කිසිදු පාර්ශවයක් නොවැම්බර් 02 දා වැඩසටහන සම්බන්ධ නොකරන ලෙස අනුර දිසානායක මහතා පක්ෂ අභ්‍යන්තරයට දැනුම් දී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *