ETI තැන්පත්කරුවන් ජනපතිට සාප කරමින් පඹයා කියද්දි එදිරිසිංහලා ඇප මත නිදහස්..!

ස්වර්ණමහල් හා ඊ.ටී.අයි. ආයතනවල අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කරන ලද ජීවක එදිරිසිංහල, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

ඔවුන් ඊයේ දිනයේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරනු ලැබීය.

නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ නීති විරෝධී ලෙස රුපියල් බිලියන 08 ක පමණ මුදලක් තැන්පතු ලෙස ලබා ගැනීම සහ මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේය.

කෙසේ වෙතත් මේ ඇප ලබාදීමත් සමගින් අධිකරණය අසල රැස්ව සිටි පිරිසක් ජනාධිපතිවරයාට සහ රජයට සාපකරමින් හඩනගනු දක්නට ලැබිණි. පඹයා පඹයා යනුවෙන් ජනාධිපතිවරයාට චෝදනා කරනු ලැබු උද්ඝෝෂකයන්ව විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කරනු ලැබීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *