පුර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියදුරු බලපත්‍…

රි ලංකාවේ බිහිරිවුවන්ගේ ඹධ්‍යම සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් දශක 04 කට ආසන්න කාලයක් තිස්සේ විශේෂ අවශ්‍යතාවයන් (කථන අපහසුතා) ඇති අය හට රියදුරු බලපත්‍ර ලබාදෙන ලෙසට ඉල්ලීම් කළ අතර, එම ඉල්ලීම අසාර්ථක විය.

ඒ අනුව බිහිරිවුවන්ගේ මධ්‍යම සංගමය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, ඇස්,කන්,නාස පිළිබඳ විශේසඥ වෛද්‍ය සංගමය සහ ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු පාර්ශව ගණනාවක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග කරන ලද සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ විශේෂිත වු මැදිහත්වීමෙන් ඉදිරිපත් කරන ලද, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ විශේෂ අවශ්‍යතා (කථන අපහසුතා) ඇති අය හඳුනාගෙන ගම්පහ දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතියක් සිදුකරන ලදි. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත දිවයින පුරාම සිටින විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් (කථන අපහසුතා) සඳහා මෙය ලබාදීමට අනුමැතිය ලබාගන්නා ලදි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කරන ලද නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස, කුරුණෑගල නගර සභා ශාලාවේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර (සැහැල්ලු වාහන) ලබාදීම සිදුකරන ලදි. මෙම අවස්ථාවට 250 ක පමණ පිරිසක් සහභාගි වු අතර, ඒ අතුරින් රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා වු පරීක්ෂණවලින් 160 දෙනෙකු සමත්විය. ඔවුන් සඳහා තාවකාලික රියදුරු බලපත්‍රය (සැහැල්ලු වාහන) මෙහිදී ලබාදෙන ලදි.

මේ අවස්ථාව සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මැතිතුමා, වයඹ පළාත් ප්‍රධාන ලේකම් ආරියරත්න මහතා, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශ්ශංක අනුරුද්ධ වීරසිංහ මහතා, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න මහතා, බිහිරිවුවන්ගේ මධ්‍යම සම්මේලනයේ සභාපති බ්‍රයන් ප්‍රියන්ත යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුවුණි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *