තීන්දුව බදාදා.!පිල්ලෙයාන්ට එරෙහි ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කර ගනී…!

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මඩකලපුව අධිකරණයට අද දැනුම් දී තිබෙනවා.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු 5 දෙනෙකුට එරෙහිව එම නඩුව ගොනුකර තිබිණ.

මඩකළපුව මහාධිකරණයේදී නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.

ඒ අනුව ලබන බදාදා මහාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *