සුදු රෙදි ගැලවෙයි..! ජවිපෙ නායක අනුරගේ හිතවතා උපුල් කුමාරප්පෙරුම පාස්කු සිද්ධියේ සහරාන් වෙනුවෙන් පෙනීඉදලා..!

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී නීතිඥ උපුල් කුමාරප්පෙරුම පාස්කු දින ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයේ නායකයා ලෙස කටයුතු කල සහරාන් හෂීම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි බවට, මේ වනවිට අන්තර්ජාල මධ්‍යයේ චෝදනා එල්ල වෙමින් පවතී.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම තවමත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර නැති අතර මේ පිළිබඳව විමසා බැලීම සඳහා අප දුරකථනය ඔස්සේ ඔහුව සම්බන්ද කර ගැනීමට උත්සහ කල නමුත් එය අසාර්ථක විය.

බොදුබලසේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 6ක සිර දඬුවම් නියම වූ නඩුවේදී උන්වහන්සේට විරුද්ධව අධිකරණයේදී බොරු සාක්ෂි ලබාදුන් බවට ද නීතිඥ උපුල් කුමරප්පෙරුමට භික්ෂූන් වහන්සේලා වෙතින් චෝදනා එල්ල විය.

යුධ සමයේදී කොටි ත්‍රස්තවාදීන්ට ඔත්තු සැපයු බවට චෝදනා එල්ලවූ ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම, පාස්කු ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන දෙමටගොඩ මොහොමඩ් ඊබ්‍රහිම් හෙවත් ඊබ්‍රහිම් හාජ්ජියාර් සමග 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇත.

එවකට රජය විසින් පැහැරගෙන ගිය බවට මහත් ආන්දෝලනයට පත්වූ, ස්වීස් තානාපති කාර්යාලයේ සේවය කල ගානියා බැසිස්ටර් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේද නීතිඥ උපුල් කුමරප්පෙරුමයි. පසුව තමන් අසත්‍ය චෝදනා එල්ලකළ බවට ගානියා බැසිස්ටර් විසින් අධිකරණයේදී පිළිගන්නා ලදි.

මුලාශ්‍රය – https://colombotoday.com/

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *