රට අනතුරේ..! Lock Down කර ඇති යුක්රේනයෙන් තවත් 165ක් සංචාරකයින් ලෙස දිවයිනට..!

දිවයිනට සංචාරකයින් ගෙන්වා ගැනීමේ නියමු වැඩසටහනට අදාළව තවත් යුක්රේන ජාතික සංචාරකයින් 165 දෙනෙකු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් අද දිවයිනට පැමිණියා.

අද පස්වරු 2.40 ට දිවයිනට පැමිණි එම සංචාරකයින් රැගත් ගුවන් යානයෙන් මීටපෙර දිවයිනට පැමිණ සිටි යුක්රේන ජාතික සංචාරකයින් 178 දෙනෙකු යළි සියරට බලාගොස් තිබෙනවා.

මේ වනවිට සංචාරකයින් ගෙන්වා ගැනීමේ නියමු වැඩසටහනට අදාළව දිවයිනට පැමිණ ඇති යුක්රේන ජාතික සංචාරකයින් සංඛ්‍යාව 1169 ක්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *