මහ පොලොවේ දේශපාලනය දැවැන්ත වෙනසක..! නවතම ජනමත සමීක්ෂණයක තොරතුරු එලියට..!

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්තික වැඩපිළිවෙල සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන කාර්යය මණ්ඩල එකගතාව ශ්‍රි ලංකාවට ලැබීම යන කරුණු ද්විත්වය මත එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන ප්‍රසාදය සියයට 38කින් ඉහළගොස් ඇති බව ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් සහ ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික දේශපාලන විද්‍යා අධ්‍යාපණ ආයතනයක් එක්ව සිදුකළ ජනමත විමසුම් සමීක්ෂණයක් මගින් හෙළිව තිබේ.

එම සමීක්ෂණ දත්ත පෙන්වාදෙන්නේ, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයට වඩා වර්තමාන ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය වඩාත් ඉදිරියට පැමිණ ඇති බවයි. දුෂ්කරතා මධ්‍යයේ වුවද රට හදන ප්‍රායෝගික වැඩපිළිවෙලක කතිකාව තුල ජනාධිපතිවරයා අන් සියල්ලන්ටම වඩා ඉදිරියෙන් සිටින බවද එම සමීක්ෂණය වැඩිදුරටත් සනාථ කර ඇති බව සදහන්.

2023 සැප්තැම්බර් මාසය සඳහා වන මෙම ඡන්ද විමසීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහා පැවති ප්‍රසාදය සියයට 11කින් ඉහළගොස් ඇත.

ඒ අනුව, ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයට වඩා සියයට 18 කින් ද, සමගි ජන බලවේගයට වඩා වඩා සියයට 13 කින් ද, ඉදිරියෙන් සිටියි.

2023 ජූනි මාසයේ සිට ගතවූ මාස තුනක කාලයට අදාළ ඡන්ද විමසීමේ වඩාත්ම කැපීපෙනෙන ප්‍රවණතා වන්නේ ජනාධිපතිවරයා මත විශ්වාසය තබන පාවෙන ඡන්ද දායක සංඛ්‍යාව සැළකිය යුතු ලෙසින් වැඩිවීමක්, වෙනත් සුළු හෝ නම් නොකළ පක්ෂවලට ඡන්දය දෙන බව පවසන ප්‍රතිචාර දැක්වූවන්ගේ පහත වැටීමක් සහ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයා සහය ලබාදෙන එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන බවට වන මධ්‍යස්ථ මත පළවීම ඉහළයෑමේ ප්‍රවණතාවකි.

මෙයින් ඇඟවෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා මේ මොහොතේ නිර්මාණය වෙමින් ඇති සහයෝගයේ වැඩිවීම බොහෝදුරට මෙහෙයවනු ලබන්නේ තීරණයක් නැති හෝ පාවෙන ඡන්දදායකයන් විසින් බව යැයි සමීක්ෂකයෝ වැඩිදුරටත් පෙන්වාදෙයි.

නවීන ක්‍රම උපායන් යොදාගෙන සිදුකරනු ලැබු මෙම සමීක්ෂණ වාර්තාව සකස් කිරිමේදි ජංගම දුරකථන අංකවල අහඹු ලෙසට ඇමතීමෙන් ළඟා වූ, වයස අවුරුදු 18 සහ ඊට වැඩි පිරිසකින් සහ අහඹු තේරීමක් යටතේ කළින් තෝරාගත් පිරිසක් ඒකාබද්ධ කරන ජාතික නියැදියකින් යොදාගනිමින් තොරතුරු ඒකාබද්ධ කරමින් මෙම සමීක්ෂණය සිදුකර ඇති බව සදහන්.

2023 සැප්තැම්බර් මත විමසුම පදනම් වී ඇත්තේ සම්මුඛ පරීක්ෂණ 899කින් වන අතර 2021 ඔක්තෝබර් 01 සිට 2023 ඔක්තෝබර් 01 දක්වා සිදුකරන ලද සම්පූර්ණ සම්මුඛ පරීක්ෂණ සංඛ්‍යාව 7,431ක් වේ.

මෙම සමීක්ෂණය සඳහා යොදාගෙන ඇති කුඩා සාම්පල ලබාගැනීමේ ක්‍රමවේදය වෙනත් රටවල ඡන්ද ආයතන විසින් ද වැඩි වැඩියෙන් භාවිත කරන ක්‍රමයක් වන අතර එක්සත් රාජධානියේ බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ සහ මෑත කාලීන එක්සත් රාජධානියේ මහ මැතිවරණයේ ප්‍රතිඵල පුරෝකථනය කිරීමට භාවිත කර තිබුණේද මෙම ක්‍රමයයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *