නාමල් සහ ජනපති නන්දසේන අතර විරසකයක්ද? නාමල්ගේ මාමණ්ඩිය උදයංගට දෙහි කපයි..!

උදයංග වීරතුංග මහතා විසින් යුක්රේන සංචාරක ව්‍යාපෘතිය විනාශ කළේ යැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තිලක් වීරසිංහ මහතා සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය මුළු ලෝකයටම ලැජ්ජාවක් බවත් මීට වඩා පරෙස්සම් වීමට කරන්න තිබූ බවත් ඔහු කියා සිටියි.

යුක්රේන සංචාරක ව්‍යාපෘතියට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් එම සංචාරකයෝ භාවිත කරන්නේ තමන්ගේ බස් රථ නොවන බවත් ඔහු සඳහන් කළේය.

තමනට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරය ලැබුණේ නාමල් රාජපක්ෂ මහතා තම බෑනා නිසා නොවන බවද සංචාරක මණ්ඩලයේ සභාපති ඉවත්කර තමන් එම පුටුවට ඒමට බලාපොරොත්තුවක නැති බවත් ඔහු සදහන් කරයි.

තමන් නාමල් රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ බලය අයුතු විදිහට පාවිච්චි නොකරන බව කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කලේ චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.න

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *