කිසිසේත්ම පමුණුවේ වෙළදාම් බෑ..! ජනපතිව පඹයෙක් කරමින් මහරගම නගරාධිපති ටිරාජ් කියයි..!

මහරගම පමුණුව ප්‍රදේශයේ තම අවසරයකින් තොරව කිසිසේත්ම වෙළදාම් කිරිමට අවස්ථාව ලබා නොදෙන බව වත්මන් නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා අවධාරණය කර ඇත.

ඒ් මහතා මේ අදහස් පළකර ඇත්තේ හෙට දින උදෑසන 01 සිට වෙළදාම් කටයුතු සිදුකිරීමට ජනාධිපතිවරයා අවසර ලබාදුන් බවට මහරගම නාගරික මන්ත්‍රිනි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ පරාජිත අපේක්ෂක කාන්ති කොඩිකාර මාධ්‍ය වෙත සිදුකරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

ජනාධිපතිවරයා නිල හෝ නොනිල වශයෙන් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් එවැනි තීන්දුවක් ගැනීමේදි ජනාධිපතිවරයා සාකච්ඡා කළ යුත්තේ තමන් සමග බවත් කාන්ති කොඩිකාරලා සමගින් සාකච්ඡා කර ගන්නා තීන්දු ක්‍රියාත්මක කිරීමට තමන් බැදී නොමැති බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇති බව සදහන්..

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *