නැගෙනහිර ජැටිය වහාම ඉන්දියාවට ලබාදෙනු..! ජනපති නන්දසේනට ඇමරිකාවෙන් බලපෑම්.!

ඉන්දීය සමාගමකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය භාර දීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ නාවික කටයුතු සංවර්ධනයට අත්‍යවශ්‍ය යයි කොළඹ සිටින ඇමරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ එම පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහය ලබාගැනීම ඉතා වැදගත් බවයි.

එම ආයෝජන විවෘත සහ දෙපාර්ශවයටම වාසි අත්වන විනිවිද පෙනෙන එකක් විය යුතු බවද ඇය පැවසා ඇත්තේ චීන ආයෝජන ගැන අදහස් පල කරමිනි.

ඩේලි මිර්ර පුවත්පත මේ බව සඳහන් කර තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *