අවුරුදු දෙකකටවත් උද්ඝෝෂණ නතර කළ යුතුයි – සජබ මන්ත්‍රී කියයි

රටට ආදායමක් ලබාදෙන සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා වසරක් දෙකක් පමණ ගත වන තෙක් උද්ඝෝෂණ නතර කරන ලෙස සියලු

පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප්‍රකාශ කළේය.


අය වැය තෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.


උද්ඝෝෂණ කර රටක් දියුණු කළ නොහැකි බවත් රටට සංචාරකයන් පැමිණීම සඳහා රට සාමකාමීව පැවතිය යුතු අතර, සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමෙන් ඩොලර් උපයාගත හැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.


කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී තවදුරටත් මෙසේද සඳහන් කළේය.


”ජනාධිපතිවරයා මෙතැනට පැමිණීම ගැන මම සතුටු වෙනවා. එතුමා මෙතැනට පැමිණ ප්‍රශ්න විසඳුවා. බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කළා. 1948දී ආසියාවේ සංවර්ධිත රටවල් අතරින් ජපානය පළමු තැන, දෙවැනි තැන ලංකාව කියලා ජනාධිපතිවරයා පැවසුවා. ඒ කාලයේ තිබුණේ වතු ආර්ථිකයක්. එකල සිටියේ පවුල් ලක්ෂ 8යි. ඉන් පවුල් ලක්ෂ 3ක් ඉතාම දිළිඳු තත්ත්වයක සිටියා. රජයේ ආයතනවල ගොඩක් පිරිසක් සිටිනවා. මේ සේවක පිරිස වැඩිවීම සම්බන්ධයෙන් අපිත් මැති ඇමැතිවරුන් ලෙස වගකියන්න ඕන. මේවා පෞද්ගලික අංශයට බාර දෙන්නේ නම් සේවක සංඛ්‍යාව අඩු කරලා තමයි බාර දිය යුතු වන්නේ.

”රජය සතු ආයතන 52ක පාඩුව බිලියන 86ක් කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. තොරුතුරු තාක්ෂණය සමඟ වැඩ කරන පුද්ගලයන් බද්ද නිසා ඔවුන් මේ රට අතහැර ගොස් අවසන්. තොරතුරු තාක්ෂණ අංශය ඉතා වැදගත්. ඒ අංශයේ සිටින පුද්ගලයන් ආරක්ෂා කළ යුතුයි. පිටරට විශ්වවිද්‍යාලවලට යන මෙරට දරුවන් කෝටියකට වඩා වියදම් කරනවා. පිටරට සිසුන් මෙරටට ගෙනැවිත් නව විශ්වවිද්‍යාල ස්ථාපිත කරන්න පුළුවන්. සංචාරක ව්‍යාපාර දියුණු කිරීම සඳහා උද්ඝෝෂණ මෙරට නැවැත්වීමට පියවර ගත යුතුයි. පිටරට මුදල් උන්ඩියල් ක්‍රමයට එවනවා. රජය මේ සඳහා වැඩි මුදලක් දෙන්න.”

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *