හැටන් සහ ගාල්ලේ පාසැල් ළමුන් 10 කට සහ ගුරුවරුන් 03කට කොරෝනා..!

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලය අද (27) දින සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව හැටන් – දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල පවසනවා.

එම විදුහලේ 9 ඒ වසරේ අධ්‍යාපනය ලබන 13 හැවිරිදි පාසල් සිසුවෙකුට පසුගිය 22 වෙනිදා කොවිඩ් -19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විම හේතුවෙන් එම අසාදිත සිසුවා අධ්‍යාපනය ලබන 9 ඒ වසරේ සිසුන් 37 ක් සහ ගුරුවරුන් 14 ක් ස්වයං නිරෝධානයට යොමු කර එම පන්ති කාමරය වසා දැමිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන තිබුණා.

ස්වයං නිරෝධානයට යොමු කල සිසුන් 37 සහ ගුරුවරුන් 14 දෙනාගෙන් සිදු කල PCR පරික්ෂණ වාර්තා අනුව සිසුන් 09 දෙනෙකුට සහ ගුරුවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින තහවුරු විය.

පළමුව අසාදිත සිසුවා එම පාසලෙන් හමු වු දින සිට අසාදිත සිසුවා අධ්‍යාපනය ලැබු පන්ති කාමරය වසා දමා සෙසු පන්ති කාමර පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දි තිබුණද අද දින දහවල් සිට එම පාසල සම්පුර්ණයෙන්ම වසා දමා මුළු පාසලම විෂබිජහරණයට ලක් කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

එම පාසල ළමුන් 1481 ක් සහ අචාර්ය මණ්ඩලයේ 81 කින් සමන්විත වන බව එම පාසලේ නියෝජ්‍යය විදුහල්පති සංකර් මණිවන්නන් ප්‍රකාශ කර සිටියා.

මේ අතර ගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය බාලිකා පාසලක ගුරුවරියක් හා ජනප්‍රිය බාලක පාසලක සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා මොවුන් දෙදෙනාගේ පළමුපෙළ ආශ්‍රිතයින් ලෙස 53 දෙනෙකු හදුනාගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා.

ජනප්‍රිය බාලිකා පාසලේ හය ශ්‍රේණියේ  සදහා උගන්වන ගුරුවරියකට කොරෝනා ආසාදනය විම නිසා පළමු ආශ්‍රිතයින් ලෙස සිසුවියන් 20 දෙනෙකු හා ගුරුවරු 13 දෙනෙකු හදුනාගෙන ඇති බවයි වෛද්‍යවරයා පවසන්නේ. 

ජනප්‍රිය බාලක පාසලේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට කොරෝනා ආසාදනය විම නිසා එම පාසලේ සිසුන් 18 දෙනෙකු පළමු ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති බව ද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසනවා.

මෙම ආශ්‍රිතයින්ගේ පි.සි.ආර් පරික්ෂණ සිදුකිරිමට සැලසුම්කොට ඇති බව වසංගත රෝග වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *