නෙළුම් කුළුණෙන් පනින්න ඩොලර් 600යි; ටිල්වින්ටත් පනින්න ආරාධනා!

“බංජි ජම්පින්“ සහ “ස්කයි ඩයිවින්“ යන ඉසව් නෙළුම් කුලුනේ සිට ක්‍රියාත්මක කිරීම පිළිබඳව අද (07) මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය.

ඒ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

බන්ගි ජම්පින් යනු ලෝ ප්‍රකට ත්‍රාසජනක ක්‍රීඩාවකි. ස්කයි ඩයිවින් ද එසේය.

දැනට තුර්කි සමාගමක් මගින් මෙම ඉසව්වන් පැවැත්වීම සිදුකරනු ලැබේ. ඉසව්වට සහභාගී වීම සඳහා අය කිරීම ඩොලර් 600කි. ඉන් සියයට 15ක් රජයටය.

දැනට “බංජි ජම්පින්“ සිදුකරන ලෝකයේ උසම ගොඩනැගිල්ල නෙළුම් කුලුන බවද වාර්තා වේ.

මේ අතර නෙළුම් කුළුණ පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලකයන් විවිධ අදහස් පළකර තිබේ. එයින්, ජනතාවට අතර දැඩි ලෙස කතාබහට ලක්වූ ප්‍රකාශයකි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් “ඔය නෙළුම් කුළුණ හොඳයි අපිට පැනලා මැරෙන්න” යනුවෙන් කරන ලද ප්‍රකාශය.

“ආණ්ඩුව පම්පෝරි ගහනවා. රටේ සංවර්ධනයක් වුණා කිව්වට අපිට වුණ සංවර්ධනයක් නැහැ. ඔය නෙළුම් කුළුණ හොඳයි අපිට පැනලා මැරෙන්න. ඒකේ උඩ හෝටලයක් තියනවාලු. ඒ හෝටලය කැරකෙනවලු. දැන් ඌව පරණගම ඔබට මොකටද මේක. මෙතන මේ කහට කෝප්පයක් බොන්න නැතිව ඉන්න අපිට ඕකට ගිහිල්ලා තේ කෝප්පයක් බොන්න පුළුවන්ද. ඒවා හදන්නේ අපිට නෙවෙයි. මේවා හදන්නේ වෙන පම්පෝරී ගහන වෙන පන්තියකට” ඌව පරණගම ප්‍රදේශයේ රැස්වීමක් අමතමින් ඔහු කලකට කියා සිටියේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ ‘බංජි ජම්පින්’ ඉසව්ව සඳහා ටිල්වින් සිල්වා මහතාටත් ආරාධනා කරන බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *