බැරිම තැන ඉන්දියාවේ ණය ගෙවයි..! ඩොලර් සංචිත හිදෙයි..! රට සෝමාලියාවක් වන ලකුණු..!

ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් ලබාගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවා දමා ඇති බව මහා භාණ්ඩාගාරයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙටි කාලීන ණය පහසුකමක් ලෙස ඉන්දීය රජයෙන් ලබා ගත් මෙම ණය මුදල ගෙවීම සඳහා තවත් මාස කිහිපයක සහන කාලයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිට ඇත.

නමුත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය මත ඉන්දීය රජය විසින් එම ණය මුදල වහාම ඉල්ලා සිටියේය.

ඒ හේතුව මත එම මුදල මෙරට සංචිතවලින් ගෙවා දැමීමට කටයුතු කිරීමෙන් සංචිත තව දුරටත් පහල බැස තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *