රට Lock Down කරන්න Covid සමාජ ගතවෙන්න එපෑයි..! කිසිසේත්ම Lock Down කිරීමේ අවශ්‍යතාවයක් නෑ..! කෙහෙලිය

පවතින කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තියත් සමඟ සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් ඒ ඒ අවස්ථාවන්ට සහ ප්‍රදේශවලට අනුව තීන්දු තීරණ ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ එළඹෙන තත්ත්වයන් හමුවේ සංචරණ සීමා හෝ රට වසා දැමීමේ තීරණය අද සවස වුවත් ගත හැකි බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වයන් අනුව සම්පූර්ණයෙන් රට වසා දැමීමේ අවශ්‍යතාවක් මේ වනවිටත් මතුව නොමැති බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *