මිරිහානේදි නන්දසේනට හු කිවුවද නැද්ද..? පොලිසියට ආපු නියෝගය මෙන්න..!

නන්දසේනට හූ කිවුවෙම නෑ..!

සමාජ මාධ්‍ය වාර්තා කරන අන්දමට මිරිහානේ පිහිටි කිරිපිටි වෙළඳ සලක් අසල පෝලිමේ සිටි ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හූ තැබීමක් සිදු කර නැතැයි රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා සඳහන් කරයි.

මාධ්‍යවේදීන් විසින් අදාළ සිදුවීම ගැන කළ විමසීමකදී ඒ මහතා මේ බව පැවසු අතර ඉදිරියේදි දිගින් දිගටම කිරිපිටි වල මිලද යම් මට්ටමකින් ඉහළ යනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.

පොලිසියට ආපු නියෝගය..! පෝලිමේ ඉන්නේ ආතල් එකටදැයි බලන්න කිවුවලු..!

මේ අතර මිරිහානේ පිහිටි කිරිපිටි වෙළඳ සැලකට පොලිසිය විසින් සීල් තබා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොට්ඨාශය සඳහන් කරන්නේ පැලවත්ත සමාගමේ කිරිපිටි අලෙවි සැලකින් නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටීමේ හේතුව කුමක් දැයි සොයා බලන ලෙස ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව ඒ ගැන සොයා බැලීමේදී පොලීසිය විසින් සොයා බලා පෝලිම් තත්වය මගහරවා ගැනීමට උපදෙස් ලබාදී ඇති බව ද අදාල නිවේදනය සදහන් කර ඇත.

ඇත්තටම වැහුවද? සීල් තිබ්බද? පොලිසිය මොකද කලේ? හූ කියලද?

නුගේගොඩ මිරිහානේ පිහිටි දේශීය කිරිපිටි අලෙවිසැලක වෙළඳාම සීමා සහිතව සිදු කරන්නැයි පොලීසිය විසින් උපදෙස් ලබාදී ඇත.

එම මාර්ගයේ ජනාධිපතිවරයා නිතරම ගමන් කරන නිසා මාර්ගය අවහිර වන බැවින් මේ ආකාරයට වෙළදාම කරන්නැයි පොලීසිය උපදෙස් දුන් බව එහි පෝලිමේ සිටි අය කියා සිටිති.

පවතින කිරිපිටි හිගය හේතුවෙන් කිරිපිටි වෙලදසැල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වී තිබේ.

https://youtube.com/watch?v=wiFcwIjtpUI%3Frel%3D0

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *