මට කිවුවේ ශිරන්ති..! මහින්දගෙන් සුසිල්ට ඇමතුමක්..!

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයාට (04) දුරකථන ඇමතුමක් ලබාදී ඇති අගමැති මහින්ද රාජපක්ෂ, සිද්ධිය

සම්බන්ධයෙන් තමන්ගේ කනස්සල්ල පළකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

” ඔබතුමාව ඇමතිකමෙන් අයින් කරලා කියල මම දැනගත්තේ දැන් . ශිරන්ති කිව්වේ. ” යයි පවසා ඇති අගමැතිවරයා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග තමන්ට 2005 දී ජනාධිපති අපේක්ෂකත්වය නොදීමට තීරණය කර තිබියදී අපේක්ෂකත්වය ලබා ගැනීමට සන්ධානයේ මහ ලේකම් ලෙස දුන් සහය අමතක නැතැයි ද පවසා ඇතැයි වාර්තාවේ.

” මට කවදාවත් ඔබතුමා එක්ක ගැටළුවක් තිබුනේ නැහැ. මාව අස්කළ එකට ඔබතුමා සම්බන්ධ නැහැ කියල මම හොඳටම දන්නවා. ” යයි සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා එහිදී අගමැතිවරයාට පැවසු බවද ඉහත ආරංචිමාර්ග තවදුරටත් කියා සිටියි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *