විපක්ෂනායක සටනට රනිල්..!ආණ්ඩුවෙන් මෛත්‍රිපාල..! Exclusive News

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස කිහිපය තුල පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය ලබාගැනීම සදහා සටන් ආරම්භ කර ඇති බව අපට වාර්තා වේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන තොරතුරු අනුව මේ වනවිටත් සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 25කට අධික සංඛ්‍යාවක් තීරණාත්මක අවස්ථාවකදි රනිල් වික්‍රමසිංහ මහතාට තම සහයෝගය ලබාදීමට එකගතාව පළකර ඇත.

මේ අතර මේ වන විටත් දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගැනීමට දෙපාර්ශවය අතර සාකච්ඡා සිදුවෙමින් ඇතැයි ද වාර්තාවන්හි සඳහන් වේ.

මේ අතර නන්දසේන රාජපක්ෂ මහතා සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ඇමතිවරුන් එම ධුරවලින් නෙරපා දමනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් ඇමති ධුර දෙකක් සහ රාජ්‍ය ඇමති ධුර දෙකක් දැනට රජය තුල දරමින් සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනකු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය යටතේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යම් උත්සාහයක නිරත වන බවයි.

නන්දසේන රාජපක්ෂ සමගින් කලකිරිමට පත්ව සිටින ආණ්ඩුවේ සිටින එකතු කරගෙන විපක්ෂයේද පිරිසකගේ සහාය ලබමින් විපක්‍ෂයේ බහුතර බලය ලබාගෙන මෙම ධුරය ලබා ගැනීම සඳහා සැලසුම් කරමින් ඇතැයිද එම වාර්තාවන් කියා සිටී.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ද ඒ සඳහා ලබාගැනීමට සාකච්ඡා සිදුවෙමින් ඇතැයි ද වාර්තාවන්හි සඳහන් වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *