අයෙත් භයානක තත්වයක් ! – ජනපති අනතුරු අඟවයි..!

රජය දැනට ක්‍රියාත්මක කරන ආර්ථික වැඩසටහන් කිසියම් ආකාරයකින් කඩාකප්පල් කළහොත්

පසුගිය මැයි සහ ජුනි මාසවලට සමානව රට යළිත් අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ අද (28) අනුරාධපුරයේ පැවැති වැඩසටහනකදීය.

රජය විසින් ක්‍රියාත්මක කරන ආර්ථික හා කෘෂිකාර්මික වැඩසටහන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව රටවල් සමග ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් එලෙස කඩාකප්පල් විය හැකි බව එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ලබන වසරේ සිට යළි ධනාත්මක ආර්ථිකයක් බලාපොරොත්තු විය හැකි බව කියා සිටියේය.

ආර්ථික අර්බුදයට මූලික හේතුව 2020 වසරේදී ලබා දුන් ඇතැම් බදු සහන බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *