“ගම සමග පිළිසදර” පුස්සක් බව මාධ්‍යයට කී ගැමියන්ව පොලිසියට කැදවලා..!

ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා මීමුරේ ප්‍රදේශයේ පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට පැමිණ ප්‍රකාශ කළ උපදෙස් කිසිම දෙයක් සිදුවී නැති බවට එම ප්‍රදේශයේ වැසියන් කිහිප දෙනෙකු අන්තර්ජාල නාලිකාවකට ලබාදුන් තොරතුරු පිළිබඳව පොලිසිය විසින් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ගම සමග පිලිසදරේදී රාජ්‍ය නිලධාරීන්ට ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියේදිම උපදෙස් ලබා දුන් නමුත් මේ දක්වා ඒවා ක්‍රියාත්මක නොවූ බව මීමුරේ වැසියන් විසින් අන්තර්ජාල නාලිකාවකට සඳහන් කර තිබිණි.

එය ප්‍රචාරය වූ පසුව මහනුවර දිස්ත්‍රික්ක නියෝජනය කරන අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු ඒ පිළිබඳව උඩුදුම්බර පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ල අනුව ප්‍රකාශ ලබාදුන් මීමුරේ වැසියන් පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

වැසියන් සඳහන් කරන්නේ තම ගමට සිදු වූ අසාධාරණය පිළිබඳව තමන් අන්තර්ජාල නාලිකාවකට මෙසේ ප‍්‍රකාශ ලබාදුන් බවයි.

Source – LankaCnews

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *