බුදු දහමට අපහාස කළ ගිණුම්වල තොරතුරු දෙන්නැයි ෆේස්බුක් ආයතනයට නියෝග..!

අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු දෙන්නැයි අධිකරණය ෆේස්බුක් ආයතනයට ඊයේ (20 වැනිදා) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අවසර දෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා විසින් එම නියෝගය ලබාදී තිබේ.

අන්තර්ජාලය භාවිත කර ‘පූස් බුද්ධා’ (Puss Buddha) හා ‘පුස් බුදුන්ගේ අනුගාමිකයෝ’ (Followers of Puss Buddha) නමින් සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කර එමඟින් බුදු දහමට හා බුදුන් වහන්සේට නින්දා සහගත හා අපහාස සිදුවන ආකාරයේ සිදුකළ පළකිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද එහි නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයාඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *