මගේ පියාව අත්අඩංගුවට ගත්තේ අනීතිකව බොරු චෝදනා වලට.! ඕෂල හේරත්

තමන්ගේ පියාව අත්අඩංගුවට ගත්තේ පදනම් විරහිත චෝදනාවකට බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන්ම හිටපු ජනාධිපති සම්බන්ධිකරණ අධ්‍යක්ෂ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඕෂල හේරත් මහතා පවසයි. අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් තමන් මුහුණදුන් ඒ අමිහිරි සිදුවීම පිළිබදව ඔහු පැවසීය.

පොලිසිය කිසිදු දැනුවත් කිරිමකින් හෝ වරෙන්තුවකින් තොරව තමන්ගේ නිවස පරික්ෂාකර බඩු භාණ්ඩ රැගෙන ගියේ මංකොල්ලකරුවන් විලසින් බවත් අද වනතුරුවත් ගෙදරින් ගෙනගිය භාණ්ඩ පිළිබදව කිසිදු ලියවිල්ලක් තමන්ට ලබා නොදුන් බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

පසුදින පොලිසිය විසින් තම නිතිඥවරුන්ව සහ තමන්ව රස්තියාදු කළ බවත් තමන් ඒ පිළිබදව මානව හිමිකම් කොමිසම දැනුම්වත්කල බවත් ඒ වුනත් තමන්ට කිසිදු ආකාරයක යුක්තිය ඉටුනොවු බවත් අද දින පොලිසිය පැමිණ තමන්ගේ නිවසේ මෙහෙකරුවන්ව සහ නිවසේ සිසිටීවී දර්ශන පවා රැගෙන ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

අදාල මාධ්‍ය හමුව පහලින්…!

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *