මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රට ඇතුලට ගත් රාජ්‍ය ඇමැති හා මන්ත්‍රී මෙන්න..!

අත් අඩංගුවට ගැනීම් සදහා විවෘත වරෙන්තුවක් ලබා සිටින ක්‍රිශාන්ත පීරිස් නැමැති එතනෝල් ජාවාරම්කරු හොර රහසේම කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් ජනපතිවරයාගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඩුබායි සිට ශ්‍රී ලංකාව තුළට කටුනායක ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තය හරහා රැගෙන ඒමට කටයුතු කර තිබෙන්නේ ආණ්ඩු පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු හා මන්ත්‍රීවරයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.

දෙන්නාගේ කාර්යභාරය

මේ දෙදෙනාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදාල වරෙන්තුකරු සමඟ ඩුබායි සිට පැමිණි බවත් රාජ්‍ය අමාත්‍යවරයා ඔහුව කටුනායක ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් එළියට ගත් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ගුවන් තොටුපල ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා විසින් ජනපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ ආණ්ඩු පක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ජනපතිවරයා ගන්න තීන්දුව දෙසයි බොහෝ දෙනෙක් බලා සිටින්නේ.

සිද්ධියට සම්බන්ධ ආණ්ඩුවේ දෙන්නා

මේ වන විට සිද්ධියට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ මන්ත්‍රීවරයාගේ නම් ගම් ද හෙළි වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා වන අතර රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ අරුන්දික ප්‍රනාන්දු මහතා බවයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ දෙදෙනා අතුරින් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මධුර විතානගේ මන්ත්‍රීවරයා වංචා , දූෂණ , මැරකම් වලට එරෙහිව පාර්ලිමේන්තුව තුළ නිරන්තරයෙන් හඬ නගන්නෙක්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *