අජිත් රෝහණ නැවතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට..!

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යළිත් වරක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට ඉදිරි දින කිහිපයේදී පත්කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.

පොලිස්පති C.D. වික්‍රමරත්න මහතාත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාත් යළිත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය භාරගන්නා ලෙසට අජිත් රෝහණ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තුන්වන වතාවටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත්වීමට නියමිතයි.

මේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේ කටයුතු කරනවා.

ජනාධිපතිවරයාට අපහාස වන ලෙස සමාජ ජාලා මාධ්‍යයෙන් හෝ වෙනත් මාධ්‍යයකින් ප්‍රකාශ නිකුත් කිරීම හෝ හුවමාරු කිරීමක් සිදුකල නොහැකි බවත් කිසියම් අයෙකු එසේ කළහොත් එම පුද්ගලයාට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාව පොලීසියට ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා දිවයින පුවත්පතට සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත්තා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *