ජාතික ජන බලවේගයේ අද(30) දින මේ වනවිට පැවැත්වෙමින් පවතින දිස්ත්‍රීක් සමුළුව සදහා බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි මැරයින් පිරිසක් අල්ලා ගැනීමට එම සමුළුවට සහභාගී වීමට පැමිණ සිටි ජනතාව සමත් වී ඇත.


අල්ලාගන්නා ලද පිරිස පොලීසියට බාරදී ඇති අතර ඔවුන් විසින් මෙම බිත්තර ප්‍රහාරයේ සියලු තොරතුරු පාපොච්ඡාරනය කර තිබේ
ඒ අනුව ජාතික ජන බලවේගයේ සමුළුව සදහා බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පිරිස එවා ඇත්තේ ඇමතිවරයෙක් බවත් අල්ලාගත් පිරිස මේ වනවිට හෙලිදරව් කර තිබේ. එමෙන්ම මෙම පුද්ගලයින් ජනාධිපතිවරයාගේ සමීපමතයෙකු කුප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරයට අනුයුක්තව සේවය කරන විශ්‍රාමික හමුදා සෙබළුන් වේ.