අතුරුදන්ව සිටි පේරාදෙණි සිසුවා හමුවු තැන..!

අතුරුදන්වී සිටි බවට වාර්තා වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුවා දින 10කට පසුව යළි විශ්වවිද්‍යාලය වෙත පැමිණ තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසුවේ ඊයේ (12) දිනයේ එම සිසුවා අධ්‍යයන කටයුතු සඳහා සහභාගීවී ඇති බවය.

ඉංජිනේරු පීඨයේ තුන්වන වසර ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ සිසුවෙකු වන මොහු පසුගිය 03 වනදා සිට අතුරුදන්වී සිටි බවට වාර්තා පළවී තිබුණි.

ඔහු කඩවත ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සිසුවෙකි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *