සජබට හෝ සජිත්ට රට හදන්න බෑ..! පාඨලී

රටේ වත්මන් අර්බුදයට මුහුණදීමට සමගි ජන බලවේගය ප්‍රමාණවත් නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක පවසයි.

හුදු පිල් මාරුවකින් පමණක් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද ඒ සඳහා පුළුල් සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය යැයිද චම්පික රණවක පවසා ඇත.

2015දී රට කරවීමට එක්සත් ජාතික පක්ෂයට ලැබුණු අවස්ථාව පැහැර හැරීමේ ප්‍රතිඵලයක් ලෙස සමගි ජන බලවේගය බිහි වී යැයි ද ඔහු පවසා ඇත. 

තමාගේ දේශපාලන ගමන දේශපාලන පවුලකින් හෝ ප්‍රධාන පක්ෂයක කාලයක් තිස්සේ රැඳී සිටීමෙන් නිර්මාණය වූවක් නොවන්නේ යැයි කී හෙතෙම තමා ඉදිරියේදී සිටිය යුතු තැන සමාජ දේශපාලන තත්ත්වය විසින් තීරණය කරනු ඇතැයි පවසා තිබේ.

යම් හෙයකින් තමා රටේ නායකයා වුවහොත් රට ගොඩනැඟීමට තමාට හැකි නමුත් තමා ජනාධිපති වෙනවාද නැද්ද යන්න කීමට මේ අවස්ථාව නොවන්නේ යැයිද චම්පික රණවක සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර ඇත. 

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *