සිරිපා වන්දනාකරුවන්ට ආණ්ඩුවේ පොලිසියෙන් හිරිහැර..!

සිරිපා වන්දනාකරුවන්ට හිරිහැර කරන තර්ජන කරන පහරදෙන පොලිස් නිලධාරින්ට එරෙහිව මානව හිමිකම් නඩු පවරන බවට සවාමින් වහන්සේ නමක් පුවත්පතකට පළකර ඇති ප්‍රකාශයක් සමගින් සරත් වීරසේකර මහතා යටතේ ඇති පොලිසිය පිළිබදව නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

මේ අතර මුහුණුපොතේ සමනල කන්ද රසික එකමුතුවේ ඇඩිමින්වරයාද මේ පිළිබදව සටහනක් තබා ඇති අතර එහි උපුටනය පහතින්..

පහුගිය ටිකේම සමූහයේ බොහෝ දෙනෙක් සිරිපා උඩ මලුවේදී ඡායාරූප ගැනීමට යාමේදී පොලිස් නිලදාරින් මගින් විවිධ අපහසුතා වලට ලක් වූ බව සදහන් ව තිබුනා. මෙහි ඇත්ත නැත්ත සොයා බලනු වස් පොලිස් නිලදාරින් සම්බන්ද කරගැනීමට උත්සහා දැරුවද එය අසාර්ථක විය. පසුව උඩ මලුවේ භාරකාර හාමුදුරුවන් සමග අද උදෑසන මා දුරකතනය මගින් සම්බන්ද වී මේ පිලිබද විස්තර සොයා බැලුවෙමි.

සාමානයෙන් ඡායාරූප ගැනීමකට අවසර නොදෙන ස්ථාන ලෙස මා දන්නේ සෙල්ලිපි, පෞරාණික චිත්‍ර ආදී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සීමිත ස්තාන කිහිපයකි. මන්ද ඒවාට ඡායාරූප ගැනීමේදී නිකුත් වල Flash එක මගින් හෝ හානියක් විය හැකි හෙයිනි. එලෙසම අධි ආරක්ශක ස්ථාන වලද ඡායාරූප ගැනීමට ඉඩ නොදේ මන්ද රාජ්‍ය ආරක්ශාව හේතු කොට ගෙනය. නමුත් මේ දෙකම සිරිපා උඩ මලුවේ නොමැත. මන්ද උඩ මලුව අධි ආරක්ශක ස්ථානයක් නම් මෙලෙස ලක්ශසංඛාත පිරිසකට එහි එන්න දීම පලක් නොවේ.

නමුත් මේ වනවිට උඩ මලුවේ ක්‍රියාත්මක වන්නේ වෙනම නීතියකි. එනම් උඩ මලුවට සහ කුරගලට පාස්කු ප්‍රහාර මෙන් තර්ජනයක් විය හැකි බැවින් උඩ මලුවේ ඡායාරූප ගැනීමට ඉඩ නොදීමයි. නමුත් අප දන්නා පරිදි මෙතෙක් කල් සිරිපතුල පිහිටි කුටියේ පමණක් ඡායාරූප ගැනීම තහනම් වූ නමුත් දැන් රන්වැටෙන් වට කරන ලද කොටසේ පවා සිටිමින් කිසිදු ඡායාරූපයක් ගැනීමට ඉඩ නොදෙයි. නමුත් බෝම්බ ගේන කෙනෙකු සිටීද නැද්ද ගැන කිසිම පරීක්ශාවක් සිදු වන්නේ නැත. ඔවුන්ගේ තර්කය නම් මෙලෙස ඡායාරූප ගැනීමෙන් බෝම්බ ප්‍රහාර සැලසුම් කල හැකි බවයි. නමුත් ඔවුන් නොදන්නවාද මන්දා Google එකේ සෙවූ කල සිරිපතුල පිහිටි කුටියේ පටන් උඩ මලුවේ අස්සක් මුල්ලක් නෑර ඡායාරූප සොයා ගත හැකි බව.

මෙම ක්‍රියාව මගින් අහිමි වන්නේ දුරුකතර ගෙවා ගෙන පැය ගානක් විශාල වෙහෙසක් මහන්සියක් දරා උඩ මලුවට එන බැතුමතුන් තමන්ට මතක සටහනක් ලෙස ඡායාරූපයක් ගැනීමට ඉඩ හසර නැති වීමයි. කෙනෙකුගේ පලමු ගමන වෙන්න පුලුවන් අන්තිම කරුනාව වෙන්න පුලුවන් ඒ නිසා එහි මතක සැමරුමක් ගැනීම මෙතරම් අවහිර කරන එක සිතාගත නොහැක. නමුත් ඔවුන් පඩුරු දැමීමට කිසිදු බාධාවක් කර නැත. බෝම්බ තර්ජන තිබ්බත් මිනිස්සු ලක්ශ ගානක් මෙවර පැමිනිය යුතුය මන්ද දෙවසරකින් අහිමිවූ පඩුරු ටික මෙවර එකතු කරගත යුතු හෙයිනි.

දැන් ඇත්තේ රැවුලයි කැදයි දෙකම බේරා ගතයුතු සංකල්පයකි. එනම් ලක්ශසංඛාත ජනකායකට වන්දනාමාන කරගන්න ඉඩදී පඩුරු ලබා ගැනීම සහ සහරාන්ලාගේන් විය හැකි තර්ජන වලිනුත් මලුව බේරා ගැනීමය. යතාර්ථය වෙන්නේ ඔන්න ඕකයි.

උඩ මලුවේ සේවයේ නිරත පොලීසිය කොහොම උනත් පහල ෆොටෝ වල සිටිනා අපගේ ශ්‍රී ලංකා පොලීසියම බව අමතක නොකරන්න. මන්ද 1%ක පට්ට අවංක පොලිස් නිලදාරී පිරිසක් හැර අනෙක් සමස්තයම උඩ සිට පහලට වෙනතුරු ආරක්ෂා කරන්නේ මහජනතාව නොව දේශපාලන සහ ප්‍රභූ පිරිස බව ඔබ අමතක කරන්න එපා. උඩ මලුවේ සිටින අයද එම සමස්ථයෙන්ම කොටසක් බැවින් ඔවුන් ඔබව තල්ලු කරන එක,පරුෂ වදනින් බනින එක, ඔබේ කොලරයෙන් අල්ලා ඇද දමන එක, අනවසරෙන් ඔබේ ෆෝන් එක බලන එක, ඔබට ගහන බනින එක අලුත් දෙයක් නොවෙයි. Politeness (ආචාරශීලීත්වය) යන්න උඩ මලුවේ අයටද නොමැති බව පුදුමයට කරුණක් නොවේ. එම නිසා ඔබ රන්වැටෙන් මෙහා පඩි තියෙන ප්‍රදේශයේ සිට ඡායාරූප අරගන්න ඊට නම් කිසිදු තහනමක් නොමැත. සිරිපතුල පිහිටි කුටියේ හැර රන්වැට ඇතුලේ ඡායාරූප ගන්න එපා කියා බෝඩ් ගසා තිබේ නම් එසේ නොකරන්න.

එලෙසම කිසිම හේතුවකට ඔබේ ෆෝන් එක බලන්න කිසිදු පොලිස් නිලදාරියෙකුට අවසර නොදෙන්න. සිවිල් ඇදුමින් සිටී නම් ඔවුන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කරන්න. එතෙක් ඔබ ඔවුන් කියනා දේ නොඅසන්න. ඔබට හිරිහැර කරන පොලිස් නිලදාරින්ගේ නම සහ අංකය සටහන් කරගන්න. හැකිනම් ඔවුන්ගේ හැසිරීම හොරෙන් වීඩීයෝ කරන්න.

වඩාත්ම ලජ්ජා සහගත කරුණ නම් ගැසට් එකක් මගින් පවා නීතියෙන් සම්මත කරන ලද දෝතලු මල් පිලිබද නීතීය ඔවුන් නොදන්නවා වීමයි. මාර්ග තුනේම බෝඩ් ගසා අපි දැනුවත් කලද පොලිසිය තාම ඇස් ඇරගෙන දෝතලු මල් පූජා කරන දිහා බලන් ඉන්නවා. තාම දෝතලු මල් ගේන කිසිම කෙනෙක් අත් අඩංගුවට අරන් නෑ. ඒ බොහෝවිට දෝතලු මල් ගේන අයගෙන් වැඩිපුර පඩුරු ලැබෙන හින්දා වෙන්නත් පුලුවන්. නීතිය රකින්න ඕන මිනිස්සු එක එකාගේ කීමට නීතීය යටපත්කර නීතීවිරෝධී වැඩ වලට දෝත් මුදුන් දී අනුබල දෙනු ලබයි.

මතක තියගන්න පොලීසිය පාට් දමන්නේ හැමවෙලේම පොඩි මනුස්සයාට පමණි, එය පොලිසියේ සැගවුනු තේමා පාඨයකි. පහතින් තියෙන Link එක හරහා පොලීසියේ අකටයුතුකම් පොලිස්පතිතුමාට කියන්න පුලුවන් සහ අන්තිමට දාලා තියෙන ෆොටෝ එකේ මැද අංකයෙන් රත්නපුර DIG ට කියන්නත් පුලුවන්. හැබැයි ඉතින් දන්නවනේ එයාලාගේ අවංකභාවය (Courtesy) සහ ක්‍රියාශීලීත්වය (Efficiency) ගැන 🙄

https://www.telligp.police.lk/?fbclid=IwAR1cuozwHEIhNPADliKEFIaxK1IhGtnaGUvflIpnpIceRzowaTBhsRqBmBo

ආහ්.. ෆොටෝ නොගත්තත් මතක් කරලා පඩුරු ටික දාලා එන්න

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *