මැතිවරණ කොමිෂන් සභාව අධිකරණයට ?

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ අවශ්‍ය මූලික වියදම් සඳහා මුදල් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමට නිසි ප්‍රතිචාර ලබානොදුණහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ මැතිවරණයේ මූලික වියදම් සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් රුපියල් මිලියන 770ක මුදලක් ඉල්ලා ඇති බවය.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු මැතිවරණයකදී මූලික කටයුතු සිදුකරන ආයතන සඳහා අත්තිකාරම් මුදල් ලබාදීමට මෙම මුදල ඉල්ලා ඇති බව ද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් මේ දක්වාත් අදාළ මුදල් ලබාදීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ එළඹෙන 9 වනදා අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බව ද මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *