රාගම සිද්ධියට ඇමති අරුන්දිකගේ පුත්‍රයා අත්අඩංගුවට..! Breaking

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති මෙම සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ රාගම පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුනා.

පොලීසිය පැවසුවේ, එම පහරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති බවයි.

ඒ අනුව මේ වන විට රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධියට පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය‍ි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *