ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි

(අශන්ති වරුණසූරිය)

කාලයක් තමන්  නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත් කිරීමට කුහකකම් දුරලා සියලු දෙනාම එකට එකතු වී කටයුතු කළ යුතු බව ද ඔහු පැවසුවේය. මෙරට ආර්ථිකය ගොඩගැනීමට සහ හොරකම් නැති කිරීමට ඩිජිටල් කළ යුතු බව ද රවී කරුණානායක මහතා වැඩි දුරටත් පැවසුවේය. 

ඔබ නිහඬව සිටියේ ඇයි ?

වැරදි වැටහීම් තියෙනකොට නිහඬතාවයක් තියෙන එක හොඳයි. කාලෙකට පස්සේ මම මාධ්‍යකට ආවේ, මේ අවස්ථාවේ රටට අපෙන් දිය යුතු අදහස් තියෙනවා ඒ ටික දීලා අපේ යුතුකම ඉටු කළ යුතු නිසා.

අයවැය කතා බහක් යන වෙලාවක්. දැඩි ආර්ථික අර්බුදයක් සමඟ රට යන විදිය ගැන ඔබේ අදහස ?

අමාරු තත්වයක්. නිදහස ලැබූ දා සිට නිකං කන්න ගිහින් තමයි මේ අමාරුවේ වැටුණේ. එය විඳින්න ගත්තම තමයි එහි උග්‍ර බව දැනෙන්නේ. මම හිතන්නේ මේක එවන් කාලයක්. අද දේශපාලඥ්යන්ට බයිනවා. ප්‍රශ්නේ 225න් ඉවර වෙන්නේ නැහැ. රජයේ නිලධාරීන්ගේ වැරදි ක්‍රියාත් මේකට ප්‍රධාන හේතුවක්.

ඇයි එහෙම කියන්නේ ?

හැම අමාත්‍යංශයකම  ප්‍රධාන නිලධාරී ඇමති නෙමෙයි එතන ඉන්න රජයේ ප්‍රධාන නිලධාරියා. ඒවගේම දෙගොල්ලෝ  හවුල්වෙලත් සිදුවිය හැකියි. දැන් මිනිස්සු ලෙස සියලු දෙනා කොහෙද ප්‍රශ්නේ තියෙන්න කියන එක පසුවිපරම් කර බැලිය යුතුයි.

ලොකුම ප්‍රශ්නේ රාජ්‍ය නිලධාරී නම් ඔවුන්ව සහ රාජ්‍ය ආයතන  යාන්ත්‍රණය සැකසිය හැක්කේ කෙසේද ?

ටෙන්ඩර් ක්‍රියා පටිපාටියේ සිට සිදුවන දේවල් නතර කර ගත යුතුයි. දේශපාලඥයන් රජයේ නිලධාරීන් දෙදෙනාගෙම වැරදි තියෙනවා. නමුත් සියයට 90ක් රජයේ නිලධාරීන් තමයි ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. වානිජකරණය කළ යුතුයි.

තරුණ අරගලයක් ක්‍රියාත්මක වෙමින් සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව පැවසුවා. මේ ගැන ඔබේ අදහස ?

මේ ප්‍රශ්න නිදහස ලැබුන දා සිට තිබුණා. නිකන් ලැබුණාම මෙහෙම ප්‍රශ්න වෙනවා. නිකං ලැබෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ එදා ඇහුවේ නැති නිසා අද පිපිරිලා. නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා. මෙහෙ විශ්ව විද්‍යාලය වල අවුරුදු ගණන් ඉන්න අය ඉන්නවා. මෙහෙ බෝර්ඩ් ලෑලි අල්ලලා රට යනවා. රට ගිහිං බෝර්ඩ් ලෑලි අල්ලන්නේ නැහැනේ. රටට තියෙන ආදරේ මෙහෙ නැති එක පිට රට ගිහිං වෙනවා ද ? ඇයි රැග් කරන්න ඉඩ දෙන්නේ. වැරදියට වටහා ගන්න එපා. වැඩ කරන කෙනාට ගහලා නැති කරනවා. ප්‍රශ්න වලට උත්තර දෙනකොට හොරෙක් වංචනිකයෙක් කියනවා. වංචා කරන කරන අය ඒවා දිගටම කරගෙන යනවා. මේක තමයි තත්වේ

ළඟම ඉන්න අය නෙමෙයි ද මෙහෙම ගැහුවේ ?

ඔව් ඒක ඉතින් ලංකාවේ සිරිතක්.

අයවැය IMF එකට අනුකූලව සැකසිලා කියලා විවේචනයක් තියෙනවා. මේ ගැන ඔබේ අදහස මොකද්ද ?

අපි 2015 මේවට උත්තර දුන්නා යම් ක්‍රියාවලියක් ඒවා නැත්තට නැති කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ විශ්වාසය දිනා ගැනීම අවශ්‍යයි. නමුත් එයාලට ඕන දේවල් නෙමෙයි මේකෙන් කර ගන්න ඕන ඒවා අපි දැන ගන්න ඕන. බදු ගෙවීම් වැඩියි. ණය ගන්න ඕන ගෙවන්න බැරි ප්‍රමාණයෙන් ගැනීම වැරදියි.

කඩ වැටුණු ආර්ථිකේ නිසා ජනතාවට පටිතද කර ගන්න වෙලා. ජනතාවටත් සහනත් දීලා ආර්ථිකයත් ගොඩනැගිය හැකි ක්‍රම වේදයක් නැත්ද ?

මේ රටේ හැමදේම සහනාධාර වලට ගැනීම සිමා කළ යුතුයි. ආර්ථිකේ ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කල හැකියි.

ඒවගේම බොරු ෂෝ වැඩියි. මේවා නතර කළා නම් රට දියුණු වෙනවා.

මන්දපෝෂණය තත්වයට විසඳුමක් තියෙනවා ද ?

මේක නිදහසේ සිට තිබෙන ප්‍රශ්නයක්. සමෘද්ධි වගේ දේවල් හරියට දියත් කළා නම් මේ දේවල් වෙනවා ද ? අවශ්‍ය කෙනාට නෙමෙයි මේ දේවල් ලැබෙන්නේ. ආර්ථිකේ ඩිජිටල් කළා නම් මේ දේවල් නතර වෙනවා. දුප්පත්කම ඇති කරන්නේ දේශපාලන අරමුණින්. ප්‍රශ්න නිවැරදි කරලා උත්තර හොයලා නැවත රට පුනර්ජීවනය කළ යුතු වෙලාවක් මේක. කරන්න බැරි නෙමෙයි කරන්න වුවමනාවක් නැහැ. මිනිස්සු විතරක් නෙමෙයි හැමකෙනාම කැප විය යුතුයි. අපි මේවා එදා කිවුවා. 2015 අපි හැදුවා නමුත් එකතු වෙලා අපිට ගැහුවේ. දෙවියෝ උඩ ඉන්නවා. මේවා පේනවා. 

කොහෙන්ද හදන්නේ කියන තැනේදී, ඇයි ඔබ එකතු නොවෙන්නේ ?

අපිට නිවාඩුවක් ගන්න තිබ්බා. එය වැරදි මත නිවැරදි කරන්න අවස්ථාවක්. දැන් තේරෙනවා ඇති.

වත්මන් ජනාධිපති සමඟ ඔබ තවම සමීපව කටයුතු කරනවා නේ ?

මගේ පක්ෂයේ නායකතුමා. මෙතුමාට මේ තමයි මේ අවස්ථාවේ රට ඉදිරියට ගෙන යා හැකි එකම පුද්ගලයා. අපිටත් ප්‍රශ්න ඇති කරලා තියෙනවා. අපි කවුරුත් අංගසම්පුර්ණ නැහැ. පක්ෂ තුල යම් ගට්ඨන ඇති කරලා ප්‍රශ්න වුණා. ඒවාත් නිවැරදි කරලා, පක්ෂේට ආදරය කරන තත්වෙකට පක්ෂේ ගෙන යා යුතුයි.

එජාපය සහ පොදුජන එක්ව වැඩ කිරීම ගැන එජාපයේ පාක්‍ෂිකයන් විවේචනයට ලක් කරනවා?

මම හිතන්නේ මේක පාට කරන්න අවශ්‍ය නැහැ. මේ රට වැටිලා තියෙන වලෙන් ගොඩ එන්න හැමෝගෙම අදහස් යොමු කිරීම වැදගත්. හැමෝගෙම විශ්වාසය මත රට වෙනුවෙන් හැමෝම එකතු කිරීම වැදගත්. නමුත් කුහකකම් නිසා එවැනි තත්වයන් ඇති වෙන්නේ නැහැ.

ඒ කියන්නේ කුහකකම් එජාපය තුල ද ?

එජාපය තුලත් තියෙනවා. අනෙක් තැන වලත් තියෙනවා. මේක නැති කරනකල් අපේ රට හදන්න බැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ව්‍යවස්ථාව වෙනස් කිරීම කළ යුතුයි. මේ වගේ බොහෝ දේ තියෙනවා. ඉන්දියාව චීනය හැප්පීම කළ නොකලය යුතුයි. කරන්න පුළුවන් දේවල් නොකළ අනවශ්‍ය දේවල් වලට ඇගිලි ගහනවා.

ඔබට එජාපයේ ඉහළ තනතුරක් ලැබෙන බවට වාර්තා පල වෙනවා ?

එහි සත්‍යතාවයක් නැහැ. කණ්ඩායමේ අය තනතුරු දරමින් සිටිනවා. ඒකරාශිව කණ්ඩායමක් ඇති කළ යුතුයි. හැමදෙනාගෙම හිත් දිනාගෙන ජනතාවගේ විශ්වාසයක් ඇති කළ යුතු අවස්ථාවක් මේක. යම් පෙරළියක් ඇති කරන්න අපේ මුළු ශක්තියම ලබා දී එජාපය රකින්න අවශ්‍යයි. ඊට මට දශමෙකින් හෝ උදව් කළ හැකි නම් මම කැමැත්තෙන්ම එය කරනවා. ඒ වගේම හැකියාවත් තියෙනවා. නමුත් අපිටත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඊර්ශියා රෝගයෙන් පෙළෙන අය ඉන්නවා. මම මේකෙන් ජිවත් වෙන්නේ නැහැ. මේ සියල්ල මම දේශපාලනය එන්න ප්‍රථම ගත්ත දේවල්.

නත්තල වගේම නව වසරත් එළෙඹෙනවා, ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද ?

අවුරුදු 74ක් නිදහස ලැබුණට, අපිට ආර්ථික නිදහසක් ලැබී නැහැ. තරුණයෝ මුල් කරගෙන අපි සියලු දෙනාම ඒකරාශී වෙමු. වයෝවෘද්ධ අයටත් සතුටින් ජිවත් විය හැකි මාර්ගයක් ඇති කරමු. ආර්ථිකේ යම් අය වැට්ටුවට  අපිට ලෝකය තරණය කළ හැකි අවස්ථා තියෙනවා. “හැමදේම නිකන් ලැබෙන්නේ නැහැ” කියන සංකල්පයෙන් අපි හැමදෙනාම මහන්සියෙන්

ඉදිරියට යන්න පුළුවන් ගමනක් ආරම්භ කරමු. කුහකකම් දුරුලා නව වසර අපි අලුත් ගමනක් යන්න ආරම්භයක් ඇති ගන්න අත්වැල් බැද ගමු.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *