පච්ච මකන්න බැරි නම් නංගී වැඩෙන් අයින් වෙන්න..! – අනුර නිරූපාට කියයි.

නිරූපා සේරසිංහ නීතිඥවරියකි. ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් පිහිටුවා ගත් ජාතික ජන බලවේගය ඇය දඩමීමා කිරීමට පටන් ගත්තේ කොළඹ මහරගම ආශ්‍රිතව ඡන්ද ප්‍රමාණයක් ඇයගේ වෘත්තිය හා රූපශ්‍රීය භාවිතා කරගමින් ලබා ගැනීමටය.

ක්‍රමයෙන් නිරූපාද මැතිවරණ සටනට පැමිණියේම රැඩිකල් මතධාරී වාම දේශපාලනික උණක් තිබූ නිසාමය. සම්ප්‍රදායික ගැහැණියක් දෙස බැලීම් රැඩිකල් වාම ජවිපෙ තුළ නොමැති බවට වන කියවා ගැනීම් නිසාම පසුගිය මැතිවරණයේ විවිධ ක්‍රියාකාරම් තුළ ඇය විසින් අතිශය උනන්දු සහගතව ක්‍රියා කළාය.

එහෙත් නිරූපාට තමන් විසින් හදාගත් වාම හා රැඩිකල් දෙවොල බිඳ වැටීමට වැඩිකාලයක් ගත නොවූයේ ජවිපෙ නායක අනුර දිසානායක නිරූපාගේ අතෙහි කොටා තිබූ පච්චයක් දැක දැඩි කම්පනයට හා හිත් තැවුලට පත්ව නංගී මේක අයින් කරන්න වෙයි මේ වැඩේ දුවනවා නම් යැයි පවසා ඇත.

නිරූපාට කර කියාගත නොහැකි වූයේ තමන් සිතා සිටි පක්ෂයක මෙවැනි රැඩිකල් නායකයෙකුගෙන් කිසිදා මෙවැනි ප්‍රකාශයක් නිකුත් වේ යැයි තමන් නොසිතූ නිසාය. කෙසේ නමුත් එතැන් පටන් නිරූපා සේරසිංහ නීතිඥ වෘත්තිය කරගෙන යාමටත් දේශපාලනය අලුත් මිනිසුන් තනන තැනක සිට සිදු කිරීමටත් සිතාගත්තා යැයි ඇය හිතවතුන්ට පවසා ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *