ආදරය විවාහය ගැන විමසන විට මම නිහඬයි – නයනතාරා වික්‍රමාරච්චි

කුඩා කාලේ සිටම සිහින මැව්වේ නිළියක් වෙන්න

සිනේමා මගේ ප්‍රථම චිත්‍රපටයයි

ජනතා සම්මාන 12කින් සහ මෙරට පවත්වනු ලැබූ සම්මාන උලෙළෙවලදී වසර කිහිපයක් නොකඩවාම ජනප්‍රියතම නිළියට හිමි සම්මානය ද ඇයට හිමි විය. දිගින් දිගටම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ජනතාව වැලඳ ගත් නිළියක වන ඇය පුංචි තිරයේ දඟකාර, හැඩකාර කෙල්ලය. ඇය නව පරම්පරාවේ ආදරණීය චරිතයකි. තරුණයන්ගේ සිහින පෙම්වතිය ද වේ. ප්‍රේක්ෂකයන්ගේ ආදරය හා විශ්වාසය නිරතුරුවම රඳවා ගන්නා ඇය කුඩා දරුවාගේ සිට වැඩිමලා දක්වාම ළෙන්ගතුම චරිතයකි. ඇය නයනතාරා වික්‍රමාරච්චියි.

මගේ පංතියේ සිටි යහළු යෙහෙළියන් එකිනෙකාගෙන් පන්තියට පැමිණෙන ඕනෑම ගුරුවරයකු අහන ප්‍රශ්නයක් වන්නේ ඔබ කුමන තනතුරටද පත්වන්නට කැමති කියා. ඒ මොහොතේදී පෙළ නොකැඩී කියන්නේ. මම වෛද්‍යවරයෙක් වෙනවා.

ඉන්ජිනේරුවෙක් වෙන්න ආසයි. එහෙමත් නැත්නම් ආණ්ඩුකාරයෙක් සහ නඩුකාරයෙන් වෙනවා කියන තැනට සියලු දෙනා පවසද්දී එදා ඉඳන් මම කියන්නට වුණේ මම කවදාහරි නිළියක් වෙනවා කියන එක විතරයි. ඒ සිහිනේ මල්පල ගන්වමින් මට ලැබුණ මේ ප්‍රථම සිනමාපටය සඳහන් කරන්නට පුළුවන්. මට මේ සිනමාපටයේ තිර පිටපත අතට ලැබෙන කොට දරාගන්න බැරි සතුටක් හිත තුළ ඇති වුණේ. පසුව මෙහි පිටපත කියවලා ඉවර කරනකොට මට දැනුණේ අපි අපේ කර්මාන්තය තුළ සිදුවන ඛේදජනක සිදුවීමක් සිත්තමට නඟනවා කියන්නේ මොන තරම් අපූර්වත්වයක් ද කියලයි. අපි වැඩකරන අතීතය හා වර්තමානයේ මෙන්ම අනාගත කාලේ සිනමාව සම්බන්ධව හැදෙන සිනමාපට අඩු නිසා එහි අපූර්වත්වය මම විඳීමින් මේ සිනමාපටයේ රූගත කිරීම් සඳහා එකතු වුණා. අපි හැමවෙලේම සිනමාපටයකින් දැකින්නේ පිටතින් දකින දේ විතරයි නමුත් මේ සිනමාපටය තුළින් සිනමාවේ ඇතුළාන්තය අපි දකිනවා. ඇතුළාන්තය කතාවක් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒම ටිකක් අභියෝගයක් වෙනවා. ඒ අභියෝගය තිර පිටපත් රචකයාගේ දක්ෂතාවය හා අධ්‍යක්ෂගේ දක්ෂතාව ඉන් සිනමා පටය පුරාවටම දිවෙනවා. මේ නිර්මාණයට දායක වන විට මගේ වයස අවුරුදු 18යි. ඒ කියන්නේ හරියටම දැනට අවුරුදු පහකට ඉස්සෙල්ලා තමයි මේ සිනමා පටය රූපගත කිරීම් අවසන් කළේ. මගේ ජීවිතේ මට ලොකු බලාපොරොත්තු ගොඩක් තිබුණා. ඒ බලාපොරොත්තු පොදි බැඳගෙන ආපු ගමනේදී මට ලැබුණ සුවිශේෂිතම දේ මේ සිනේමා සිනමා පටයයි. මෙම සිනමා පටය මගේ චරිතය වෙන්නේ තිළිණියි. ඇය රංගන ශිල්පිනියක් වෙන්න ගොඩක් ආසාවෙන් සිහින මවන තරුණියක්. සිනමාවේ ඇත්ත කතාවට පණ දෙන චරිතයක් කිවුවොත් නිවැරැදි. මගේ පාසල් කාලයේ දී මම හැමවෙලේම ගුරුවරුන් අහන අහන මොහොතක් පාසා සඳහන් කළ සිහිනයේ කතාවද කියලා මේ කතාව මට වෙලාවකට හිතෙනවා. විවිධ චරිතවල විවිධ පරිච්ඡේද පෙරළනවා. ඒ පෙරළුණු පරිච්ඡේදයක එක් කොනක හෝ රඳා පැවතුණු චරිතයක් මට ලැබුණා. අපි පාසල් කාලයේදී පවසන දේවල්වලින් සීයට සීයක් හරියන්නේ කලාතුරකින්. ඒත් මගේ ජීවිතේ මම පාසල් කාලෙදිම පැවසූ දේ මට මගේ අනාගතයේ පැවැත්ම උදෙසාම සනිටුහන් කරන්නට මට හැකි වුණා. එහෙම ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද. ඒ සතුට මම භුක්ති විඳීන්නේ හරිම නිහතමානි විදිහටයි. මේ සිනමාපටයේ රූගත කිරීම් කරන කාලසීමාව තුළදී මගේ වයස අවුරුදු 18දී. සිනමා පටයක් තුළ මම නොලබපු අත්දැකීම් සම්භාරයක් කැමරාවක් ඉදිරියේ මට ලැබුණා. ඒ කාලයේදී මට ලැබුණු ලොකුම අභියෝගය වුණේ නොලබපු අත්දැකීම් සම්භාරයක් කොහොමද මගේ ජීවිතේ ඉදිරි පැවැත්ම උදෙසා හරවා ගන්නෙ කියන එකයි. කපිල සූරියආරච්චි නම් අධ්‍යක්ෂකවරයා කිසිවිටකත් කිසිම නළුවකු හෝ නිළියක එකම රාමුවක කොටු කර තබාගැනීමට සූදානම් නොවන අධ්‍යක්ෂවරයෙකි.චරිතෙට පණ පොවන්නට නිදහසේ චරිතය තුළ සැරිසරන්නට අවකාශ ලබා දෙනවා. එය නළුවකුට හෝ නිළියකට හරිම වටින දෙයක්.

මගේ දෙවන සිනමා පටය වන්නේ අනුරුද්ධ ජයසිංහයන් අධ්‍යක්ෂණය කළ “එක දවසක අපි” සිනමා පටයයි. එක දවසක අපි සිනමා පටයේ තිර පිටපත මට ලැබෙන විට ඇත්තටම පුදුම සතුටක් මගේ හිත ඇතුළේ ඇති වුණේ. එයට හේතුව තමයි මම මුලින්ම රඟපෑ සිනේමා සිනමා පටය තිරගත වෙලාවත් නැති වකවානුවක අනුරුද්ධ ජයසිංහ වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු මාව තෝරා ගැනීම සම්බන්ධවයි.ග්‍රාමීය පරිසරයක හැදුණු වැඩුණු මට ඒ චරිතය ලැබීම තුළින් නව පණක් ලැබුණා කියලා මට හිතුණා. පුබුදු චතුරංග අයියත් එක්ක මට රඟපාන්න ලැබීමත් ඇත්තටම ලොකු සතුටක්. එක දවසක අපි සහ සිනේමාත් යන චිත්‍රපටවල රඟපෑ චරිත දෙකම එක හා සමාන වෙනවා කියලා මට සමහරක් වෙලාවට හිතුණ වාර අනන්තයි. ඒත් මේ චරිත දෙක අතරේ ලොකු ගැප් එකක් තියෙනවා. සමහර ප්‍රේක්ෂකයෝ මේ සිනමා පටය නරඹලා. දැන් තිරගත වන සිනේමා සිනමා පටයත් රසවිඳලා මට දැක්වූ ප්‍රතිචාර ඉහළයි. සමහර ප්‍රේක්ෂකයන් කිවුවේ ඒ චරිතයත් මේ චරිතයත් එක හා සමානයි වගේ කියලා. ඒත් ඔවුන් පසුව තේරුම් අරන් තියෙනවා මේ චරිත දෙක තල දෙකක ගමන් කරන චරිත දෙකක් කියන එක.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *