නාමල්ට හෙටක් – හොරකමට නව ඇරඹුමක්..! මහින්ද රත්තරං සමගින් කළුතරින් ගමන් අරඹයි.!

69 ලක්ෂයක ජන බලයක් ලබාගෙන වැඩ අනාගත් අසාර්ථක ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු යැයි පිළිගන්නා බව එම පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක දෙවරක් ජනාධිපති වි තවත් බලලෑදරකමට පාර්ලිමේන්තුවේ රිංගා සිටින 79 හැවැරිදි මහින්ද රාජපක්ෂගේ පුත් දුප්පත්කමට කප් ගහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

නාමල්ට හෙටක් – හොරකමට නව ඇරඹුමක්’ යන ජනරැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. 

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රටක් විනාශ කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගෙනඒමට දායක වූ සුරංගනා කතා වලට වශිවී ප්‍රචාරණ රැල්ලට මෝඩ වු තරුණ පරම්පරාව බලාපොරොත්තු වූ දේවල් සිදුකිරීමට ගෝඨාභයට නොහැකි වූ බවය. 

නාමල්ට හෙටක් – හොරකමට නව ඇරඹුමක්‘ යන රාජපක්ෂ පෙරමුණ සංවිධාන කළ ජනරැලිය අද (08) පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රත්තරං යන අන්වර්ත නාමයෙන් හැදින්වෙන රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදීය.

ඒ දෙවරක් ජනාධිපති වි තවත් බලලෑදරකමට පාර්ලිමේන්තුවේ රිංගා සිටින 79 හැවැරිදි මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *