පුවත් වල ඇත්ත නැත්ත හොයන්න ජනාධිපති ඒකකයක් !

ජනතා ගැටලු ගැන මාධ්‍යයේ පළවන පුවත් වල ඇත්ත නැත්ත බලා එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශයේ ස්ථාපිත කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෛනික අවධානය යොමු වන ජනතා ගැටළු වලට විසඳුම් ලබා දීම මෙහි මූලික අරමුණ බව පැවසේ.

තොරතුරු දැන ගැනීම සඳහා වූ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මෙම වැඩසටහන පැවැත්විණි.

එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහජන ගැටලු කඩිනමින් විසඳීම අරමුණු කරගත් ‘‘ප්‍රතිචාර” නමැති නව වෙබ් පිටුව( pmd.gov.lk/counter-disinformation-unit) ද ජනගත කළේය.

වැරදි තොරතුරු ජනගත වීම නතර කොට සත්‍ය‍ ජනගත කිරීම නව ඒකකයේ තවත් අරමුණක් බව ජනාධිපති කාර්යාලය පවසයි.

 මෙම වැඩසටහනේදී අදහස් දැක්වු ආචාර්ය රංග කලන්සුරිය සඳහන් කළේ, තොරතුරු දැනගැනීමේ පනතින් හදුන්වා දුන් පරිදි රාජ්‍ය තොරතුරු ජනතාව ඉල්ලා සිටීමටත් පෙර ප්‍රසිද්ධ කිරීම මගින් වැරදි තොරතුරු වලින් සමාජයට වන හානිය අවම කළ හැකි බවයි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල) ඩී. එම්. පියසේන ද සහභාගී වූහ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *