ලංකාවේ හය දෙනකුට කේරළ උසාවියෙන් ඇප නෑ..!

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් දහ අට මාසයකට

ඉහතදී අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකිකයන් හය දෙනකු හට ඇප ලබාදීම දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙසේ මහාධිකරණය හමුවේ ඇප අයැදුම ගොනු කරනු ලැබුවේ, ප්‍රාථමික අධිකරණය විසින් දෙවතාවක්ම එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.

ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරු විජූ ඒබ්‍රහම් ප්‍රකාශ කර සිටියේ “පෙත්සම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන බැවින්, ඔවුන්ට පලා යාමට සෑම අවස්ථාවක්ම පවතින බවත්, නඩු විභාගය සඳහා ඔවුන්ගේ පැමිණීම සහතික කළ නොහැකි බවත්” ය.

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට අනුව, 2021 මාර්තු 7 වන දින ඉන්දීය මුහුදු සීමාවේදී, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට ඔවුන්ව, ඔවුන්ගේ ‘ආකර්ෂා දුව’ යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හය දෙනා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක හවුල්කරුවන් බවත්, ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ වූවන් බවත් අධිකරණය වෙත දැනුම් දී තිබේ

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *