ශ්‍රී ලංකාවට ඩොලර් ගේන්න මිලානෝ ශ්‍රී ලාංකිකයෝ එකතු වෙති

මිලානෝ මහ නගර සභාවේ පූර්ණ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හා මිලානෝ ලොම්බාර්දියා පළාතේ ශ්‍රීලාංකිකයන්  සංවිධානය කරන ලද “festival sri lanka 2023” ශ්‍රීලාංකික සංස්කෘතික උළෙල මෙම මස 28 හා 29 යන දෙදින තුළ Piazza del Cannone, Milano යන ස්ථානයේදී උදේ 10:00 සිට 08:00 රාත්‍රී දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම සංස්කෘතික උළෙල ශ්‍රී ලාංකීය උඩරට හා පහත රට නර්තන බෙර වාදන, ගායන, සංගීතය ශ්‍රී ලාංකික ආහාරපාන, දේශීය ආයුර්වේද ප්‍රතිකාර හා විවිධ සංස්කෘතික අංග වලින් සැදුම්ලත්ය.

ශ්‍රී ලාංකික අනන්‍යතාවන්,ශ්‍රී ලංකාවේ ගෝලීය වටිනාකම,එහි සුන්දරත්වය හා මානව ශිෂ්ටාචාරයේ අතීතය ඉතාලි ජාතිකයින් දැනුවත් කරමින් විශාල ඉතාලි ජාතික සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම මෙම උළෙලේ ප්‍රධාන අරමුණවේ.

තවද නොමිලේ නැරඹිය හැකි මෙම විශේෂිත සංස්කෘතික උත්සවය නැරඹීම සඳහා හැකිතාක් පමණයි විදේශිකයින් සහභාගී කරවන ලෙස මිලානෝ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඩිලානි විරකෝන් මහත්මිය යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් විශේෂ ඉල්ලීමක් ද කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *