බෙහෙත් හිඟයට වගකිවයුත්තන් මෙන්න.! ජාතික රෝහලේ මේට්‍රන්වරියක් ලක්ෂ 80ක බෙහෙත් පන්නලා…!

කොළඹ ජාතික රෝහලේ වාට්ටුවලට ලබාදී තිබූ රුපියල් මිලියන අටක් වටිනා ඖෂධ තොගයක් විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක පෞද්ගලික ඔසුසල්වලට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා මරදාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ජාතික රෝහලේ වාට්ටු කිහිපයක ඖෂධ හිඟයක් දිනපතා පවතින බවට රෝහල් පරිපාලනයට පැමිණිලි ලැබී තිබුණි.

ඒ පිළිබඳ අවධානය යොමුකළ සෞඛ්‍ය බලධාරීන් විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ටද මේ පිළිබඳ දැනුම් දී ඇත.

විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව සුළු සේවකයකුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වී තිබේ. ඒ අනුව ඖෂධ අලෙවි කිරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරු වන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියගේ සේවය අත්හිටුවීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කර ඇත. මරදාන පොලිසියද මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ. මෙම ඖෂධ තොගය අලෙවි කළ පෞද්ගලික ඔසුසල්ද සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබාදීම සඳහා බෙදා දුන් ඖෂධ තොගයක් මෙලෙස අලෙවි කර තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *