පේරාදෙණි නවක වධය ගැන ආචාර්යවරු කියන දේ…!

පසුගිය දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවු බව පැවසෙන නවක වධය සිදුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, එම සිදුවීම හුදෙක් හුදකලා සිදුවීමක් නොවන බවය.

විශ්වවිද්‍යාල පද්ධතියේ දශක ගණනාවක් පුරා එම හානිදායක නවක වධය පැවතී ඇති බව ද අදාළ ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ.

එම ප්‍රචණ්ඩත්වය,  අසාධාරණය, ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අමානුෂික ක්‍රියාවක් බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය පවසයි.

නවක වධය හා එමගින් අනුබල දෙන ඒ ආශ්‍රිත ක්‍රියාකාරීත්වයන් ප්‍රතික්ෂේප කරන අතර, ඒවා කිසිසේත් නොඉවසන බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් විසින් පීඨාධිපතිවරයා වෙත එල්ල කරන බියවැද්දීම් සහ තර්ජනය පිළිකුළෙන් යුතුව හෙළාදකින බවත් විශ්වවිද්‍යාල ප්‍රජාවේ සියලූම සාමාජිකයින්ගේ අවශ්‍යතා, තම සාමාජිකයින්ගේ ආරක්ෂාව හා සුබසාධනය මෙන්ම සියලුම සිසුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බව ද ශාස්‍ත්‍ර පීඨ ආචාර්ය සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *