තවත් කැබිනට් ඇමතිවරු පත්කරන දිනය…!

තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බවට පලවන වාර්තා අසත්‍ය බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.


කෙසේවුවද 22වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව විවාදයෙන් හා ඡන්දය විමසීමෙන් පසුව එම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවීමට නියමිතව ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්කලයුතු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 10 දෙනෙකුගේ ලැයිස්තුවක් මේවනවිට ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.  එහෙත් එම ලේඛනයේ සඳහන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නොසතුට පළ කර ඇති බවද වාර්තා වේ.

එම තත්ත්වය තුළ ඒ සම්බන්ධයෙන් කිසියම් එකඟත්වයක් ඇතිකර ගැනීමේ සාකච්ජාවක් ජනාධිපතිවරයා සහ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයින් අතර මේ සතියේ දී පැවැත්වීමට නියමිත බවද පැවසේ.


අමාත්‍ය මණ්ඩල රැස්වීම අද


මේ අතර සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දිනයේ දී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇත.

මේ අතර පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.

මීට අමතරව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද මෙහිදි දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *