ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පත්කළ සාමාජිකයින්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පත්කළ මන්ත්‍රීවරුන්ගේ නම් අද (03) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

ඊට නියෝජ්‍ය කථානායකවරයාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම නම් මෙසේය..

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, සිසිර ජයකොඩි මහතා, මහාචාර්ය ජී. එල්. පීරිස්. මහතා, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා, දයාසිරි ජයසේකර මහතා, ආචාර්ය නාලක ගොඩහේවා මහතා, ෆයිසාල් කාසිම් මහතා, අජිත් මාන්නප්පෙරුම මහතා, ජයන්ත සමරවීර මහතා, ගෝවින්දන් කරුණාකරන් මහතා,  ඉම්රාන් මහරූෆ් මහතා, කෝකිලා ගුණවර්ධන මහත්මිය, ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, මධුර විතානගේ මහතා සහ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *