කාබනික වගාවට මහින්ද කරන්න යන දේ මෙන්න..!

කාබනික වගාව අත්නොහරින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේම 70ක් රසායනික පොහොර සහ සියයට 30ක් රසායනික පොහොර යොදා සිදුකර ඇති ගොවිතැන ඉතා සාර්ථක බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා

“වී මිලදීගැනීම සඳහා අපට වී අලෙවි මණ්ඩලයට අපිට ඇත්තටම මුදල් ප්‍රතිපාදනයක් වෙන්කරගන්න තවම අපහසු වෙලා තියෙනවා. මිලියන 8000කට ආසන්න ප්‍රමාණයක අපි වී මිලදීගෙන තියෙනවා. අද දින පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදීත් අපි ඒ ගැන අවධානය යොමුකරනවා. ඒ මුදල් ලබාගන්න පුළුවන් වුණොත් ලැබුණු විගස නැවත ඉහළ මිලකට වී මිලදීගැනීමේ කටයුත්ත අපි සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. මහ කන්නයේ පොහොර ලබාදීම අපි දැනටමත් ඒ පළවෙනි අවස්ථාවට යොදන පොහොර පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට ලබාදීලා තියෙනවා. ඒ වගේම අපි මේ වතාවේ යූරියාවලට අතිරේකව බණ්ඩි පොහොර නැත්නම් MOP කියන පොහොර වර්ගයත් ලබාදෙන්න කටයුතු කරනවා. ඊට අතිරේකව අපි කාබනික පොහොර වගාව සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කාබනික වගාව අපි අත්හරින්නේ නෑ. මූල්‍යමය වශයෙන් ගොවීන්ට වවුචරයක් මගින් ලබාදෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යනවා.”

“කාබනික පොහොර කියන්නේ නරක දෙයක් නොවෙයි. ඒක එකසැරේට ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමයි ඒකෙ අසර්ථකත්වයක් ඇතිවුණේ. සියයට 70ක් රසායනික පොහොර සහ සියයට 30ක් රසායනික පොහොර යොදලා ක්‍රියාත්මක කරපු වගාව තමයි සාර්ථකම. මේ සැරේ බලකරලා අපි පොහොර දෙන්නේ නෑ.”

මේ අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය යටතේ ගොවිතැන් කළ සී.එස්. කොලණියේ උතුරු බෙදුම්ඇල ගොවීන් මේ දිනවල වී අස්වැන්න නෙලමින් සිටී.

නමුත් ඔවුන් මැසිවිලි නඟන්නේ වී සඳහා නිසි මිලක් නොමැති වීමෙන් තමන් අපහසුතාවට පත්ව ඇති බවටය.

පොළොන්නරුවරඹෑව, කිරිමැටිදමන ප්‍රදේශයේ ගොවීන්ටත් අත්ව ඇත්තේ මීට සමාන තත්ත්වයකි.

මෙවැනි පසුබිමක වී සඳහා නිසි මිලක් ලබාදෙන්නැයි ඉල්ලා ගොවීන් පිරිසක් අද (03) උදෑසන පොළොන්නරුව නගරයේදී විරෝධතාවයක් සංවිධාන කර තිබුණි.

ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සහභාගි වී සිටියේය.

එහිදි ඔහු පැවසුවේ ගොවිජනතාවගේ මෙම ගැටලු විසඳීම යනු සමස්ථ ජනතාවගේම කුසගින්න නිවීම හා සමාන බවය.

පසුගිය අවුරුදු තුනහාමාරක වැනි කාලය තුළ රට බරපතළ අසීරු තත්ත්වයකට ඇද දැමූ බවට ද ඔහු චෝදනා කළේය.

මේ අතර, වෙළෙඳ අමාත්‍යාංශයේ දී අද පැවැති සාකච්ඡාවකින් පසු වී මිල සහ සහල් මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළේය.

එහිදී සහල් මෝල් හිමියන් පැවසුවේ වී මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගත් බවත් වත්මන් තත්ත්වය අනුව වී මිලේහි වැඩි කිරීමක් සිදුකළ නොහැකි බවත්ය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *