නව ග්‍රාම නිලධාරීන් 2238ක් රාජ්‍ය සේවයට..!

ග්‍රාම නිලධාරි තනතුරේ සියලු පුරප්පාඩු ලබන පෙබරවාරි 04 වන දිනට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ග්‍රාම නිලධාරින්ගේ වෘත්තීය ගැටළු පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට දින එක්වෙමින් .

2021 වසරේ අයදුම් පත් යොමු කළ සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයන් සදහන් දෙසැම්බර් මස 02 දින විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි විභාගය පැවැත්වීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී සඳහන් කළේය මෙම විභාගයෙන් 2238 දෙනෙක් ග්‍රාම නිලධාරී වන තනතුරු සඳහා තෝරා ගැනීමට නියමිත බවයි.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව ඉතා කඩිනමින් සකස් කර එම නිලධාරීන්ගේ පවතින ගැටලු නිරාකරණය කර දීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තමාට උපදෙස් ලබාදුන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව *දංකොටුව ප්‍රාදේශීය ලේකම්* කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින්ගේ වෘත්තීය ගැටළු පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ද ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡා සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස් හේරත්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චලංක අතුකෝරාල, යන මහත්ම මහත්මීන් ඇතුළු ග්‍රාම නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

කසුන් විරතුංග
මාධ්‍ය ප්‍රධානී

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *