සංජීව විමලගුණරත්න NGO අධ්‍යක්ෂ ජනරාල් ධූරයට..!

තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හදාරා ඇති සංජීව විමලගුණරත්න, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ දේශීය කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස මෙයට පෙර කටයුතු කර තිබිණ.

පෞද්ගලික අංශයේත්, රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේත් විධායක නිලධාරියකු ලෙස වසර 20 කට ආසන්න කාලයක අත්දැකීම් ඇති ඔහු, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ උපදේශකවරයකුලෙස ද කටයුතු කර තිබේ.

සංජීව විමලගුණරත්න රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කරන ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගණනාවක්ම රජයෙන් ඉල්ලීම් සිදුකර තිබිණ.

ඒ මහතාගේ පත්වීම සම්බන්ධව ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක්ම මේ වනවිට සිය සතුට පළ කර ඇති අතර එම සංවිධානවල සහයෝගය සහ ආශිර්වාදය ඔහු වෙත ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *