අපේ දේ රකිමු කියලා ත්‍රීවීල් ඇන්ජිමකට කාර් බොඩියක් සහ බට්ටා සීට් හයි කරලා දොරට සරනේරු ගහලා එන කාර් ගන්න අපි තවම ගල්යුගයේ ඉන්න ජෙප්පොද..?

දේශීය දෙයක් අගයනවා යනු ස්වාධින රූපවාහිනියේ සෙල්ලම් ගෙදර මාදිලියේ ආතල් ඩිසයින් එකක් ඇති කිසිම පෙනුමක් නැති මාකට් කරගන්න තියා හිතන්නවත් බැරි කෑලි අටවන ලද වාහනයක් රුපියල් ලක්ෂ 45කට වෙළඳපොළට නිකුත් කළ පසුව අනා ඒක අපේ දෙයක් අපේ කොල්ලෙක්ගෙ දෙයක් කියා බුකියේ කෙටිම නොවන බව මාකටිං කරන බුකි ඔස්තාර්ලා තේරුම් ගත යුතුය.

ලක්ෂ 25 ක ට මරුටියක් මිලදී ගන්න හැකියාව තිබියදී සරනේරු එලියෙන් හයිකරපු මෝක්ෂා මිලදී ගන්නේ ඇයි දැයි කියා පැහැදිලි කිරීමට සාධාරණ තාක්ෂණික හේතුවක්වත් අඩුම තරමේ අපේ රටේ නව නිශ්පාදකයන් සතුව තිබිය යුතු යැයි අප යෝජනා කරන්නෙමු.

නව නිෂ්පාදනයක් හදනවා කියන්නේ මොකක් හරි අටමගලයක් අටවලා අනේ අපේ දේ ගන්න කියන එක නොව ගැලපෙන දෙයක් කරලා අඩේ මරු භාණ්ඩය අපිත් ගමුකො කියන තැනට ලංකාවේ ඉන්න customer base එක ගේන එක බව ලංකාවේ අලුත් නිෂ්පාදකයෝ වටහා ගත් දිනක ලංකාවේ නව නිෂ්පාදන ගොඩ යන බව සඳහන් කළ යුතුමය. එය තේරුම් කර ගන්නා තෙක් අලුත් නිෂ්පාදන හදන ඔබ සැමට බුදු සරණයි.


වඩා වැදගත් කාරනාව නම් නව නිෂ්පාදකයන් තමන්ට කළ හැක්කේ මොකද්ද? යන්න පිලිබදව නිශ්චිත තක්සේරුවක සිට නව නිෂ්පාදන සිදු කරන්නේ නම් එය ඔවුනගේ ඉදිරි ව්‍යාපාර වැඩ කටයුතු සඳහා වඩාත් සුදුසු වනු ඇති බවට අප යෝජනා කරන්නෙමු.

සරනේරු දොරවල් බට්ටා අසුන් දාලා හදපු වාහනයක් රූපවාහිනි නාලිකාවක් ඉදිරියට අරන් ඇවිත් ලක්ෂ 45කට මේක ගන්න මේක අපේ දෙයක් කිව්වට ලංකාවේ මිනිස්සු එය මිලදී නොගන්නා බව නිෂ්පාදකයා මෙන්ම එම නිෂ්පාදන රූපවාහිනි වේදිකාවට ගෙන එන ලොකු ලොක්කෝ ද තේරුම් ගත යුතුය

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *