සංචාරයට ආරක්ෂිතම රටවල් අතර ලංකාවට හිමිවු තැන..!

ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රටවල් අතර 12 වෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බව ජනප්‍රිය ඔන්ලයින් සංචාරක ප්‍රජා වේදිකාවක් වන ‘වර්ල්ඩ් පැකර්ස්’ වෙබ් අඩවිය සදහන් කරයි.

එහි ලිපියට අනුව හොඳම රටවල් 13 අතුරින් ශ්‍රී ලංකාව 12 වැනි ස්ථානයට පත්ව ඇත.

වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට අනුව ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රට වන්නේ අයිස්ලන්තයයි. එම දර්ශකයේ දෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයටත් තෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත් හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් සීගිරිය නැරඹිය යුතුම ස්ථානයක් ලෙස වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවිය හඳුන්වා දී ඇත.

වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට එකතු වී සිටින සංචාරකයන් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල මත මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත.

මෙම වර්ධනය පිළිබඳව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, විශේෂයෙන්ම රට දැනට සිදුවෙමින් පවතින සියලු ගැටලු මධ්‍යයේ, ලෝකයේ සංචාරය කිරීමට හොඳම ආරක්ෂිතම ප්‍රාන්ත 13 අතරට ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *