රටක් කතාවෙන කොරියානු ජාතිකයාගේ මාරාන්තික පිම්ම කැමරාවේ..!

මෙරට සංචාරයක් සඳහා එක්වී සිටි විදෙස් ජාතික තරුණයෙක් ඉතා අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්වී තිබේ.

එම අනතුර සිදුවෙන අයුරු ඔහුගේ කැමරාවේ පටිගතවී තිබු බව පොලීසිය පැවසීය.

වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක තිබී එම විදෙස් ජාතිකයාගේ මළසිරුර සොයාගෙන තිබුණි.

මියගොස් ඇත්තේ 43 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකි.

ඔහු සිය කැමරාව පිහිනුම්තටාකය අසළ සවිකර පිහිනුම්තටාකයට පනින අයුරු එහි දැක්වෙයි.

පොලීසිය සැක කරන්නේ එහිදී ඔහුගේ හිස පිහිනුම්තටාකයේ පතුලේ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවය.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *