බ්‍රිතාන්‍යයේ පාලනය ඉන්දීය සම්භවයක් සහිත රිෂි සුනාක්ට – CBK සුබපතයි

තම ප්‍රතිවාදියා වූ පෙනී මෝර්ඩන්ට්ද කන්සර්වටිව් නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමඟ හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක්ක න්සවර්ටිව් පක්ෂයේ නව නායකයා ලෙස තේරී පත් විය.

පෙනී මෝර්ඩන්ට් නායකත්ව තරඟයෙන් ඉවත්වන අවස්ථාව වන විට රිෂි සුනාක් හට ටෝරි මන්ත්‍රීවරු 200කගේ සහයෝගය හිමිවී තිබූහ.

බොරිස් ජොන්සන්හට සහාය දැක්වූ මන්ත්‍රීවරුන්ද රිෂි සුනාක්ට සහාය දැක්වීම විශේෂත්වයක් විය.

හිටපු බ්‍රිතන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (23) කන්සර්වටිව් පක්ෂ නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමඟ හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක් සහ පෙනී මෝර්ඩන්ට් කන්සර්වටිව් පක්ෂයේ නායක වීමේ බලාපොරොත්තුවෙන් සිටි අතර ටෝරි මන්ත්‍රීවරු 100 දෙනෙක් ගේ සහාය පෙනී මෝර්ඩන්ට්ට ලබා ගැනීමට නොහැකි වීමත් සමඟ ඇයද නායකත්ව තරඟයෙන් ඉවත් විය.

පෙනී මෝර්ඩන්ට් නායකත්ව තරඟයෙන් ඉවත් වෙමින් තමගේ සම්පූර්ණ සහාය රිෂි සුනාක්ට ලබා දෙන බව ප්‍රකාශ කළාය.

පෙනී මෝර්ඩන්ට් ඉවත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී රිෂි සුනාක් ටෝරි මන්ත්‍රීවරුන් ඇමැතූ අතර එය විනාඩි 10 කට සීමා විය.

කන්සවර්ටිව් පක්ෂ නායකයා ලෙස තේරී පත් වූ රිෂි සුනාක් අද(24) රාත්‍රියේ හෝ හෙට(25) උදෑසන බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස කන්සවර්ටිව් පක්ෂය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.


නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන 42 හැවිරිදි රිෂි සුනාක් බ්‍රිතාන්‍යයේ ඉන්දීය සම්භවයක් සහිත ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වේ. ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍ය රජ පවුලටත් වඩා ධනවත් වීම විශේෂ සිදුවීමක් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දුන්නේය.


එසේම නැපෝලියන් යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ලාබාලතම පුද්ගලයා ලෙස ඔහු ඉතිහාස ගත වන බව පැවසේ.

නව අග්‍රාමාත්‍ය වරයා ලෙස රිෂි සුනාක් ගේ ප්‍රධාන සහ පළමු කාර්යය වන්නේ කැබිනට් මණ්ඩලය පත් කරගැනීම බවත් භාණ්ඩාගාර අමාත්‍ය ජෙරමි හන්ට් එම ධුරය දිගටම කටයුතු කරන ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

 ඉන්දීය සම්භවයක් සහිත රිෂි සුනාක් මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් සතුට පළකරමින් මෙරට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ට්විටර් පණිවිඩයක් නිකුත්කර ඇත.

CBK TW
CBK TW 2

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *