පිළිකාකාරක අවදානමක් – යුනිලීවර් ඩ්‍රයි ෂැම්පො ආපසු කැඳවයි !

පිලිකා කාරකයක් වන බෙන්සීන් (Benzene) අඩංගු විය හැකි බැවින් තම වියළි ෂැම්පු නිෂ්පාදන කිහිපයක් ආපසු කැඳවීමට යුනිලීවර් (Unilever) සමාගම විසින් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තවේ.

 New York Times පුවත්පත සඳහන් කරන අන්දමට 2021 ඔක්තෝබර් මාසයට ප්‍රථම නිෂ්පාදනය කරන ලද  Dove, Nexxus, Suave,TIGI හා    TREsemme යන සන්නාම යටතේ වන dry  shampoo වර්ග පාරිභෝගිකයන්ට භාවිතා නොකරන ලෙසට ජනතාව වෙත දන්වා ඇත.


ඇමරිකාවට හා කැනඩාවට අදාල වන ලෙස මෙම නිෂ්පාදන නැවත කැඳවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර යුනිලීවර් සමාගම පවසන පරිදි වෙළෙඳ පොළේ ඇති එම සියලු නිෂ්පාදන රාක්ක වලින් ඉවත් කිරීම සඳහා ද සඳහා ද පියවර ගෙන ඇත.      

 යුනිලීවර් සමාගමේ අභ්‍යන්තරපරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මෙය ස්වෙච්ඡාවෙන් ආපසු කැඳවීම සිදු කරන බව යුනිලීවර් සමාගම තම ප්‍රකාශවල සඳහන් කර තිබේ. තවද මෙම ගැටලුව විසඳීම සඳහා සැපයුම්කරුවන් සමග කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇත.  

ඇමරිකාවේ FDA ආයතනයට අනුව බෙන්සීන් සමට අවශෝෂණය කරගත හැක. දිගු කාලීනව මෙම බෙන්සීන් වලට නිරාවරණය වීමෙන් ලියුකේමියාව හා රුධිර සෛල පිළිකා ඇතිවිය ඇති විය හැකි බව ඇමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති අතර එය කාන්තාවන්ගේ ප්‍රජනන අවයවයන්ට ද හානිකර හැකි බවද සඳහන් වේ.    

යුනිලීවර් පාරිභෝගිකයන්ට මෙම බලපෑමට ලක්වූ නිෂ්පාදනයන් භාවිතය වහාම නතර කරන ලෙසත් ඔවුන්ට මිලදී ගත් භාණ්ඩ සඳහා ප්‍රතිපූර්ණය ට යුනිලීවර් සමාගමෙන් ඉල්ලා සිටින ලෙසත් සමාගම සඳහන් කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *